දේශීය පුවත්

වසර 30 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කර රට සීඝ්‍ර සංවර්ධනයකට ගෙනයාමට කටයුතු කළ නිසාද තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යන්නේ කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

2015 ජනවාරි 08 වෙනිදා විදෙස් කුමන්ත්‍රණයකින් මේ රටේ පාලනය ලබාගත් වත්මන් යහපාලන ආණ්ඩුව මේ වන විට එම විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම පහතට ගෙන ඒමට කටයුතු කර තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ජනවාරි 08 වෙනිදා එකවරක් රැවටුනු මේ රටේ ජනතාව තවත් වරක් රැව‍ටෙන්නේ නොමැති බවත් පෙබරවාරි 10 වෙනිදා මෙම ආණුඩුවට හොඳ පාඩමක් ඉගැන්වීමට මේ රටේ අති බහුතරයක් ජනතාව සූදානමින් සිටින බවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේබව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 05 වෙනිදා සවස කටුනායකදී සංවිධානය කළ ජනහමුවකට සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More