තමන්ට අවශ්‍ය ජනතාවට සමීපවී ජනතාවගේ උවමනාවන් අනුව රට සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා ගමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමට කටයුතු කරනලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
උතුරේ සංවර්ධනය සහ විශාල වැඩකොටසක් ආණ්ඩුව සිදුකරමින් සිටින බවත් ඇතැම් පිරිස් තමා උතුරේ ජනතාවට සමීපවනවාට අකමැති බවත් පෙන්වාදුන් ජනාධීපතිතුමා කියා සිටියේ තමාට අවශ්‍ය උතුරේ ජනතාවට සමීප වීමට බවයි.
උතුරේ ජනතාවගේ ඕනෑම ගැටළුවක් විවෘතව සාකච්ඡාකර ඊට විසඳුම් ලබාදීමට තමා සුදානම් බවද ජනාධිපති මෛත්‍රිපාස සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේබව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 05 වෙනිදා වවුනියාවේදි පැවැත්වූ ජනරැළියකට සහභාගී වෙමිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...