දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන ජනාධීපත් කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධීපති කොමිෂන් සභා වාර්තාව ගැන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මූල්‍ය පනතකින් ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතිසන්ධානය කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම වාර්තා ගැන නීතිමය කටයුතු සිදු කෙරෙණ බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. බැඳුම්කර නිකුත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ කොප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් ලැබී තිබෙන නීතිපති උපදෙස් ද අග්‍රාමාත්‍යවරයා විසින් කථානායක වෙත බාරදෙන ලදී.

මෙම විවාදයට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රබල චෝදනාවක් එල්ලවී තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More