රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 2015 ජනවාරි 8 වන දිනය. ජනාධිපති වූ වහාම ඔහු කළේ එවකට සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වහා ඉවත් කොට ඒ තනතුරට ශ‍්‍රී පවන් විනිසුරුවරයා පත්කිරීමය. එසේ කිරීම ව්‍යවස්ථා විරෝධී වුවත් කවුරුත් කිසිවක් කීවේ නැත. ඊට පසුව කළේ එතෙක් විරුද්ධ පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ අගමැති කොට තිබුණු රජය පෙරලීමය. පැවැත්වූයේ ජනාධිපතිවරණයක් වුවත් වූයේ නව ජනාධිපති කෙනෙක් සමග නව රජයක්ද බිහිවීමය. එයද ව්‍යවස්ථා විරෝධී වන්නේ රජයක් පිහිට වූ රනිල් වික‍්‍රමසිංහට ඒ වන විට තිබුණේ ආසන 42 පමණක් වීමය. එසේ වුවද එයට ද කිසිවෙක් විරුද්ධ වූයේ නැත. ඉන්පසු එම ‘‘නව රජය” කඩිමුඩියේ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමය. ඔවුන්ට අනුව 19 ගෙනඒම පිළිබඳව ප‍්‍රධාන අරමුණ වූයේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ¥ෂණය තුරන් කිරීම, යහපාලනය ගෙනඒම, ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම යනාදියයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ කවුද යන්න අප සියලූ දෙනා දනිමු. එහි ප‍්‍රධානම නිර්මාතෘවරුන් දෙදෙනා වූයේ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සිට අපේ රට ෆෙඩරල් කිරීමට ප‍්‍රයත්න දැරූ ජයම්පති වික‍්‍රමරත්න සහ උතුරේ වෙනම රාජ්‍යයක් සඳහා ත‍්‍රස්තවාදය මුදාහළ ප‍්‍රභාකරන්ගේ දේශපාලන පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් වූ සුමන්දිරන්ය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සහ රාජපක්ෂ විරෝධීන්ගේ සහභාගීත්වයෙනි. එබැවින් සිරිසේන ජනාධිපතිතුමා ද ලොවටම පෙන්වීමට උත්සාහ ගත්තේ තමන්ගේ විධායක බලය, ධුර කාලය යනාදිය රටේ ඉදිරි අනාගතය උදෙසා පරිත්‍යාග කරන බව පෙන්වීමටය. ජයම්පති වික‍්‍රමරත්න, සුමන්දිරන් ඇතුළු කණ්ඩායම කළේ 19 වන සංශෝධනය ඉතා කූට ලෙස සම්පාදනය කරමින් ජනාධිපතිතුමාගේ ද කනින් රිංගා, ඔවුන්ගේ බලතල රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට පැවරෙන ආකාරයෙන් සහ 2002 දී ඔවුන්ට කරගැනීමට නොහැකි වූ, එනම් පවතින රජය කුමන හේතුවක් නිසා හෝ වසර 4 1/2 යන තුරු ජනාධිපතිට විසුරුවා හැරීමට නොහැකි වන සේ සංශෝධන ගෙන ඒමය. ජනාධිපතිවරයා තමන්ට කරනලද උපකාරය වෙනුවෙන් ඔවුන් කෙරේ පූර්ණ විශ්වාසය තබා සංශෝධන වෙන කෙක් ලවා හෝ ගැඹුරින් අධ්‍යයනය නොකොට එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට සියලූම මන්ත‍්‍රීවරුන් පොළඹවන ලදී. ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල ජනාධිපතිවරයාට සහාය නොදුන් සියලූම පොදු පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා තමාට දෙන සහයක් සේ සලකා 19 ට සහාය දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් 19 යේ තිබූ සමහර බරපතළ කරුණු තර්කකොට පළකිරීමට සමත් වූ නමුත් අවසානයේ අප කවුරුත් දන්නා පරිදි 19 සභා සම්මත විය.
නමුත් දැන් මේ 19 ට පූර්ණ ආශිර්වාදය දුන් සහ එය අනුමත කිරීමට මන්ත‍්‍රීවරුන් පෙළඹවූ ජනාධිපතිවරයාම 19 න් රට අගාධයට පත්ව ඇතැයි කියන්නේ ඇයි? එසේ පවසන්නේ ජයම්පති වික‍්‍රමරත්න, සුමන්දිරන් කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි තමාව රැුවටූ අන්දම සහ රට අගාධයට පත්වනවිට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට තමාව පත්කර ඇති අන්දමත් පිළිබඳව ඔහුට හො`දහැටි වැටහී ගොස් තිබෙන බැවිනි.
අද මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ රට තව තවත් දිනෙන් දින අනතුරට පත්කරන විටත් 2020 පෙබරවාරි මස වන තෙක් තමන්ට මේ රජය විසුරුවා හැරීමට නොහැකි නිසාය. පෙර ව්‍යවස්ථාවේ සඳහන් වී ඇත්තේ ඕනෑම රජයක් වසරකට පසු විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බවය. නමුත් ඒ බලය වසර 4 1/2 ක් දක්වා පාවිච්චි කළ නොහැකි යයි සංශෝධනය වූයේ 19 යෙනි.
2003 වසරේ දී එවකට අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරියට ද නොදන්වා කැබිනට් අනුමැතියකින් ද තොරව කොටි ත‍්‍රස්තවාදීන් සමග ඊනියා සාම ගිවිසුම අත්සන් කළ අන්දම අප දුටුවෙමු. ඒ තුළින් කොටි සංවිධානය සමාජයීය, ආර්ථික, දේශපාලන සහ යුදමය වශයෙන් ඉතා ශක්තිමත් වූ අයුරු ද අප නිරීක්ෂණය කළෙමු. ත‍්‍රස්තවාදීන් සමඟ කළ යුද්ධය අවසන් කිරීමට තවත් දීර්ඝ කාලයක් ගතවූයේ මෙම සටන් විරාම කාලය තුළ කොටින්ට ලැබුණු ඒ අමතර ශක්තියයි. පසුව ආරක්ෂක තත්වය එන්න එන්නම නරක තත්ත්වයට එළඹෙන විට චන්ද්‍රිකා මැතිනිය රනිල් වික‍්‍රමසිංහ රජය විසුරුවා හැරියාය. ඇගේ එම තීරණය නිවැරදිය යන්න සනාථ වූයේ ඊට පසුව පැවති මහ මැතිවරණයෙන් ජනතාව රනිල් වික‍්‍රමසිංහට අන්ත පරාජයක් අත්කර දුන් බැවිනි.
නමුත් රටක් අනාරක්ෂිත වනවිට එවන් රජයක් විසුරුවා හැර ජනතාවට අවැසිවන රජයක් පත් කිරීමට චන්ද්‍රිකා හිටපුජනාධිපතිවරියට තිබූ බලය අද මෛත‍්‍රිපාල ජනාධිපතිට නැත. එයද නැති කළේ ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පවා නොමඟ යවමින්ය යන මතය ජනතාව තුළ පවතී.
මන්ද 2002 දී ජයම්පති වික‍්‍රමරත්න මෙලෙසම ජනාධිපතිවරයාගේ එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර 4 1/2 ක් දක්වා දික් කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ විට ශ්‍රේෂ්ඨාධිකරණය එය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලදී. ඔවුන්ගේ තීරණය වූයේ ජනතාව විසින් ජනපතිට දෙනලද බලයක් වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගෙන් ම විමසිය යුතු බවය. එම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනාම එවන් තීරණයක් ගෙන තිබියදී 19 වන සංශෝධනයෙන් ජනාධිපතිගේ එම පාර්ලිමේන්තුව විසිරීමේ බලය ජනමත විචාරණයකින් තොරව, ශේෂ්ඨාධිකරණයෙන් සම්මත වූයේ කෙසේ ද ?
මෙම 19 වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජයම්පති වික‍්‍රමරත්න 33 (2) යනුවෙන් අලූතින් වගන්තියක් ඊට එක්කොට තිබිණ. ඒ වගන්තියෙන් කියවෙන්නේ ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවීමට, වාරය අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය තිබෙන බවය. එසේනම් විසුරුවා හැරීමට තිබූ ජනාධිපතිගේ බලය වසර 4 1/2 ක් දක්වා වැඩි කළ ද 33 (2) මගින් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට බලය දී ඇති බැවින්, ශේෂ්ඨාධිකරණය 2002 දී මෙන් එය ජනමත විචාරණයකින් තොරව අනුමත කළ නොහැකියයි ප‍්‍රතික්ෂේප කළේ ඒ නිසා බව උපකල්පනය කළ හැක. නමුත් එය එසේ නොවීය. ජනාධිපතිවරයා පසුගිය වසරේ රනිල් රජය විසුරුවා හැරියේ 33 (2) වගන්තිය උපයෝගී කර ගෙනය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිවිරෝධී යැයි තීරණය කරන ලදී. එයින් හැඟී යන්නේ 33 (2) බලයක් නැති බවය. එසේ 33 (2) මගින් ජනපතිට එවන් බලයක් නැත්නම් ජනතාව මගින් ජනපතිට දී තිබූ බලයක් නැති කිරීමට 19 න් ජනමත විචාරණයකින් තොරව සම්මත වූයේ කෙසේ ද ? එසේ කර ඇත්තේ ජයම්පති වික‍්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය නොමඟ යවා ඇති නිසා බැව් ජනතාව සිතන්නේ එබැවිනි. ජයම්පති වික‍්‍රමරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩු පැවරිය යුතු බැව් ද ජනතාව යෝජනා කරන්නේ එබැවිනි.
අද 19 න් රට අගාධයට පත් ව ඇතැයි ජනාධිපති කියයි. එය සත්‍යයකි. මන්ද අද රටේ නායකයා කවුදැයි ජනතාව නොදනී. 19 න් ජනාධිපති ට තිබූ බලය විවිධ අයුරින් අගමැති විසින් ඩැහැගෙන තිබේ. රනිල් කරන කියන බොහෝ දේ ජනපතිවරයා දැනගන්නේ පත්තරයෙනි. ත‍්‍රස්තවාදය නිමකොට යුද්ධය ජයග‍්‍රහණය කරමින් සමස්ත ජනතාවටම සාමය ගෙනදුන් රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අප රටට විරුද්ධව ඇමෙරිකාව ජිනීවාහි ගෙන ආ 30/1 යෝජනාවට රනිල් සම අනුග‍්‍රාහකත්වය දුන්නේ ජනපතිට තියා කැබිනට් එකටවත් නොදන්වාය. නමුත් ජනාධිපතිට ඒ පිළිබඳව කිසිවක් කරගත නොහැක. වර්තමාන ආරක්ෂක තත්ත්වය ද මේ තරමටම අවදානමට ලක් වූයේ ඒ අයුරින්මය. දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට රනිල්ගේ රජය කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව හමුදා බුද්ධි නිලධාරීන් රිමාන්ඞ් කරන ලදී. හිටපු හමුදාපතිවරුන්ද, හිටපු ආරක්ෂක ලේකම්වරයා ද විත්ති කූඩුවේ සිටීමට සලස්වන ලදී. එයට ද ජනාධිපති විරුද්ධත්වය පෑවත් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. ඒ 19 නිසාය. බුද්ධි අංශ එසේ අඩපන කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය හීන කරමින් බුද්ධි තොරතුරු ජාලය සම්පූර්ණයෙන් විනාශ කළ බැවින් තොරතුරු ලැබී තිබුණත් පාස්කු ප‍්‍රහාරය අපට වළක්වා ගත නොහැකි වූයේ ඒ නිසාය. ඒ, නායකයා කවුරුන් ද යන්න කවුරුත් නොදන්නා නිසාය. එසේ වූයේ 19 නිසාය.
අද වන විට ආසියාවේ චීනයට පමණක් දෙවෙනිව තිබූ අපේ 7% ආර්ථික වේගය 3% දක්වා පහළට වැටී ඇත. එදා 3.3% ක්ව තිබූ උද්ධමනය 8.3% දක්වා වර්ධනය වී ඇත. ඩොලර් මිලියන 1400 ක සෘජු විදේශ ආයෝජන රටට අහිමි වී ඇත. රුපියලේ අගය අවම ලෙසින් බාල්දු වී ඇත. මහ බැංකු වංචාවෙන් රටට අද වනවිට රුපියල් ටි‍්‍රලියනයක පමණ පාඩුවක් සිදුවී ඇත. රාජ්‍ය ණය රුපියල් කෝටි 90,000 කින් වැඩිවී ඇත. ලංකාව ආයෝජනයට ඉතා අනතුරු රටක් ලෙස වර්ගීකරණය වී ඇති අතර, ලෝකයේ දූෂිතම රටවල් 4 ට අප ද එක් වී ඇත. SOFA, MCC යන ඇමරිකානු ගිවිසුම් මගින් ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා යෝජිත ආර්ථික කලාපයේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් විදේශීය සමාගම්වලට මිලදී ගැනීමට ඉඩ සලසමින් සිටී. එය දෙන්නේ වසර 200 කටය. ජනතාව මේ රජයට බලය දී ඇත්තේ වසර 5 කටය. එවන් රජයකට වසර දෙසීයකට මවුබිම පාවා දිය හැකි ද ? මෙවන් දුර්දාන්ත රජයක් වුව ද විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබන වසරේ පෙබරවාරි වනතුරු ඇඟිලි ගනිමින් සිටිය යුතුය. හෙට අනිද්දා තවත් දේ සිදුවිය හැක. නමුත් ජනතාව දුන් බලයක් ජනතාවටද කොකා පෙන්නා ජනතාවගෙන් උදුරාගෙන ඇත. ජනතාව තවමත් ඉවසිලිමත්ව සිටී. එය නිවට කමක් නොවන බව වර්තමාන පාලකයෝ දැනගත යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...