ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩියට සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පුරුවේ පිහිටි නිවසේදී ජනවාරි 08 දේශපාලන පෙරළිය සිදුකිරීමට අදාළ සාකච්ඡා සිදුව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒසඳහා ජනවාරි 08 දේශපාලන පෙරළියට සම්බන්ධ බොහෝ දෙනෙකු සහභාගී වී තිබෙන බවත් එම සාකච්ඡාවලදී විශාල වශයෙන් මුදල් පරිහරණයවී තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
මෙම වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවත් එම මහ මොළකරුවන් අල්ලා ගැනීමට කඩිනමින් ක්‍රියා කල යුතු බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේ නොමැතිනම් මෙය නාටකයක් පමණක් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...