හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සිරගත කිරීමට තරම් සාක්ෂි තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ බරපතල වංචා පිළිබ ජනාධිපති කොමිසමෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රජපක්ෂ බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ වරුන්ට ප්‍රබල චෝදනා එල්ලවී තිබෙන බවයි.
එම නිසා ඔවුන්ට නඩු පවරා වැරදි කරුවන් බවට පත්වී සිරදඩුවම් වින්දොත් ජීවිත කාලය පුරාම ඔවුන්ට යළිත් ඡන්දය ඉල්ලීමට නොහැකි වන පරිදි නීතී රීති සම්පාදනය කළ හැකිබවද අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...