පුරවැසි කොලම

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු සේවය කළ කුරුණෑගල රෝහල මගින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අප මුල සිට පැවසුවේ මේ සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් කළ යුතු බවයි. එසේ නොකර සැබෑ තත්වය දේශපාලන හෝ මුදල් හයිය මත යටපත් කිරීමෙන් සිදු වන්නේ මුස්ලිම් ජනතාව දෙසත්, මුස්ලිම් වෛද්‍ය වෘත්තිකයන් කෙරෙහිත් සැකය වැඩි වර්ධනය වීමයි. අවාසනාවකට ෂාෆි රැක ගැනීමට පෙරට පැමිණියා මිසක මුස්ලිම් වෛද්‍යවරුන් හෝ මුස්ලිම් සමාජය “වරදක් කර ඇත්නම් ෂාෆිට දඩුවම් දිය යුතුයැයි” පැවසුවේ නැත.

මීට හේතු වූ වැදගත් කරුණක් නම් සමාජ මාධ්‍යවල පැය 24 ජීවත්වෙමින් සිය අන්තවාදී දේශපාලන සහ මතවාදී අවශ්‍යතා වෙනුවෙන් තකතීරු අදහස් අකුරු කරවන “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” කිහිපයක් සිද්ධිය සියතට ගෙන “ෂාෆිගෙන් කිසිදු වරදක් සිදු වී නැත” යන පූර්ව අහේතුක නිගමනය මත හිද ඒ වෙනුවෙන් සටන් කිරීමයි (මගේ ගණන් බැලීම අනුව “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” 180-200 අතර පිරිසක් වෙසෙති). වෙනත් මතවාදී සහ දේශපාලන කරුණු පිලිබඳ මා සමග පැවති “ඇරියර්ස්” කවර් කර ගැනීමටද ඔවුහු මේ සිද්ධිය යොදා ගත්හ. බැලූ බැල්මට මෙවැනි අපරාධයක් වෛද්‍යවරයකු සිදු කරාවිය යන්න තවත් වෛද්‍යවරයකු වුව නොසිතයි. එහෙයින් බොහෝ දෙනා මුලින් සිතුවේ “ මේ නම් වෙන්න බැරි දෙයක් යනුවෙනි”.

කෙසේ නමුත් ලැබී තිබුණු තොරතුරු සහ ඒවා ලබා දුන් පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය නිසා මුල සිට ස්ථිර අදිටනින් යුතුව “ෂාෆි” සම්බන්ධයෙන් ජනතාවට සාධාරණය ඉටුවිය යුතුය යන තේමාවේ සිට සටන් කිරීමට මම තීරණය කළෙමි. එය කිසිසේත් ජනවර්ගයක් හෝ යම් ජනවර්ගයකට අයත් වෛද්‍යවරු ඉලක්ක කරගෙන සිදු කළ සටනක් නොව මේ නිශ්ශිත සිද්ධි දාමය ඉලක්ක කරගෙන සිදු කළ සටනකි. තොප්පිය සියලු මුස්ලිම් වෛද්‍යවරුන්ගේ ඔලුවේ නැමුවේ “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” විසිනි.

මෙවැනි දෙපැත්ත කැපෙන කාරණාවක් අතට ගැනීමෙන් තිත්ත කුණුහරප, මඩ, අවලාද, තර්ජන ගර්ජනවලට ලක් වන බව ආසනික්, ග්ලයිපොසේට් ප්‍රශ්නවලදී ලත් අත්දැකීම් නිසා මම හොදින් දනිමි. එසේ වුවත් අයුක්තිය හමුවේ කුණුහරප, මඩ, අවලාද, තර්ජන ගර්ජනවලට බියෙන් පළා යෑම මා ප්‍රගුණ කර නැත. CID කරුණු දැක්වීම් හමුවේ “ජයසුමනලා” ඇන ගත්තා යනුවෙන් පවසමින් උදම් ඇනූ පුද්ගලයන් ගැන මම දනිමි. ඔවුහු එතැනින් නොනැවතී මට නඩු දැමීමටද කතා කළහ. දයාන් ජයතිලක වැන්නවුන් සිය රාජ්‍ය තාන්ත්‍රික සේවය ද අමතක කර උවිඳුලා, සුසිරිත්ලා (මේ සියල්ලෝ උග්‍ර බෞද්ධ විරෝධීන්ය) සමග එක්ව උඩ පැන පැන මට පහර දෙන්නට වූහ. අතිරේක වශයෙන් මේ සිද්ධිය යොදා ගෙන ගෝඨාබය රාජපක්ෂ මහතාට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මා සේවය කරන රජරට වෛද්‍ය පීඨයට අපහාස කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේ. ෂාෆි සම්බන්ධ කාරණා මා ඒ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හෝ වෛද්‍ය පීඨය සමග එකගතාවකින් හෝ උපදෙස් මත සිදු කරන ඒවා නොවේ.

අවසානයේ පැවසිය යුත්තේ මේ සිද්ධියෙන් ඊනියා මධ්‍යස්ථ මතධාරීන් රෙදි ගලවා ගත් බවයි. CID කරුණු දැක්වීමෙන් පසු කුරුල්ලන් ඉගිලෙන්න පටන් ගත් නිසා කොක්කු හොඳින් හඳුනා ගැනීමට අපට අවස්ථාව උදා විය. තවත් බොහෝ දේ පැවසීමට ඇතත් කාලයට සහ නීතියට විසදීමට ද බොහෝ දේ ඇති නිසා ඊට ඉඩ දී අපි විමසිල්ලෙන් සිටිමු.

චන්න ජයසුමන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More