දේශීය පුවත්

ලන්ඩන් නුවර කොටි හිතවාදීන් ප්‍රභාකරන් නායකයා බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපරයක් දියත් කළ අවස්ථාවේදී එම කොටි හිතවාදීන්ට එරෙහිව තනිව අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ධජය පෙන්වූ අභිත බ්‍රිගේඩියර්වරයාගේ වැඩතහනම් කිරීමට එරෙහිව දසතින් විරෝධතා එල්ලවන බව වාර්තාවේ. ආගමික නායකයින් විද්වතුන් ශ්‍රී ලංකාවේ ජනතාව විවිධ රටවල ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කරන්නේ කොටි හිතවාදීන් සතුටු කිරීම සඳහා බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කිරීම රට පාවාදීමක් බවයි.

පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.

නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබන ආකාරයක් නිරූපනය කලේය.
මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.
මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More