මීට වසර තුනකට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ වියළි ගම්මිරිස් කිලෝග‍්‍රෑම් 1 ක් රුපියල් 1400 – 1500 ත් අතර මිලකට අලෙවි විය. ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වලට එසේ ඉහළ මිලක් ලැබුණේ අපනයන වෙළෙඳපොළ තුළ ඊට හිමිව තිබූ වටිනාකම නිසාය. ශ‍්‍රී ලංකාව සමඟ තරග වදින වියට්නාමය වැනි රටවල නිපදවන ගම්මිරිස් වල ගුණාත්මක තත්ත්වය පවතින්නේ ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වලට වඩා ඉතා පහළ මට්ටමකය. විශේෂයෙන්ම රසය සහ සුවඳ අනුව ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වලට අපනයන වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් පවතී. ශ‍්‍රී ලංකාවට ආවේණික ගම්මිරිස් ප‍්‍රභේදවල ජාන සංයුතිය, පසේ ජලය, උෂ්ණත්වය සහ පසේ සංයුතිය වැනි සාධක ඊට බලපාන බව ප‍්‍රකට කරුණකි. නමුත් අද වනවිට වියළි ගම්මිරිස් කිලෝ ග‍්‍රෑම් 1 ක මිල රුපියල් 450 දක්වා පහත වැටී ඇත. අමු ගම්මිරිස් කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 140 දක්වා පහත වැටී ඇත.
ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වගාවට සුළු අපනයන භෝග අතුරින් ප‍්‍රමුඛස්ථානයක් හිමි වී ඇති අතර හෙක්ටයාර් 33,000 ක් පමණ විශාල භූමි ප‍්‍රමාණයක ගම්මිරිස් වගාව පැතිරී ඇත. එසේම ලක්ෂ 2 කට අධික ගොවි පවුල්වල ප‍්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වී ඇත්තේ ගම්මිරිස් වගාවය. එවැනි තත්වයක් යටතේ ගම්මිරිස් මිල පහත වැටීම රටේ අපනයන ආදායම මෙන්ම එම ගොවීන්ගේ ජීවන මට්ටමද පහත වැටීමට හේතු වී ඇත. මේ වන විට වෙළඳපළේ පවතින මිල මට්ටම ගම්මිරිස් නෙළීම සඳහා වැයවන පිරිවැයට වඩා පහත මට්ටමකට වැටී ඇති බැවින් ගම්මිරිස් ගොවීන් තම අස්වැන්න නෙළීමෙන් වැළකී ඒවා නාස්තිවීමට ඉඩ හැර ඇති බවද වාර්තා වේ. ඒ නිසා ගොවීන් වෙනත් වගාවන් සඳහා යොමුවන බවද වාර්තා වේ.
මෙම තත්ත්වය වසර 3 ක පමණ කාලයක සිට පවතින නමුත් එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුකාරක වන මූලික සාධක පිළිබඳ සමාජයේ කතාබහක් සිදු වන්නේ නැත. ගොවීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවා ”ගම්මිරිස් වලට සාධාරණ මිලක් ගෙවනු” යනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කිරීම හැර ප‍්‍රශ්නයට අදාළ සැබෑ හේතුව මතු කරන්නේ නැත. විශේෂයෙන්ම රජය හා වගකිව යුතු ඇමතිවරු ”ගලේ පැහැරූ බළලූන්” මෙන් ප‍්‍රශ්නය දෙස බලා සිටීම හැර හේතුකාරක පිළිබඳ කතා කරන්නේ නැත. එහෙත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සහරාන් බලඇණියේ මරාගෙන මැරෙන සෙබළුන් දෙදෙනකුගේ පියාගේ සහ ගම්මිරිස් සහ කරුංකා ”ප‍්‍රතිඅපනයන” ව්‍යාපාරයේ නියුක්තව සිටින අමාත්‍යවරුන් දෙදෙනකුට ඥාති සබඳතා ඇති ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වීම සමග එතෙක් හරියටම නොදැන සිටි එම මූලික හේතුව හෙළිදරව් විය.
ඒ අනුව ගම්මිරිස් ආනයනය සහ අපනයනයට අදාළව බලපත‍්‍ර නිකුත් කරන අමාත්‍යවරයාගේ සහ සුළු අපනයන බෝග පිළිබඳ වගකීම් දරන අමාත්‍යවරයාගේ ඥාතීන් වෙත ඇඟිල්ල දිගු විය. ඔවුන්ගේ ව්‍යාපාරය ඉතා සරල වුවත් සූක්ෂම සහ අධික ලාභදායී එකකි. රාජ්‍ය බලය යොදා ගනිමින් වෙළෙඳ ගිවිසුම්වල ප‍්‍රතිපාදන අයුතු ලෙස යොදා ගැනීම් තුළින් උත්පාදනය වන එම නව ව්‍යාපාරය ඊනියා ප‍්‍රතිඅපනයනය ලෙස හැඳින්වේ. එහිදී වියට්නාමය වැනි රටවලින් බාල ගම්මිරිස් ආනයනය කොට ඒවා ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස ලේඛනගත කොට නැවත අපනයනය කෙරෙයි. වියට්නාමයේ බාල ගම්මිරිස් මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 200 – 300 ත් අතර මිලකට පවා මිලදී ගත හැකි බව වෙළෙඳපළ තොරතුරු වලින් අනාවරණය වේ. එවැනි තත්ත්වයක් තුළ වියට්නාමයෙන් ආනයනය කරන බාල ගම්මිරිස් බහාලූම්වල එසේම තිබියදී ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන මත එම බහාළුම් නැවත අපනයනය කෙරේ. එවිට ලංකාවේ ගම්මිරිස් ගොවීන්ගේ නිෂ්පාදන වලට පවතින ඉල්ලූම පහත වැටෙන බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වේ.
එහෙත් අප රටේ දේශපාලඥයන්ට ප‍්‍රශ්නයේ මුල හේතුවට ප‍්‍රතිකර්ම යෙදීම කෙසේ වෙතත් ඒ පිළිබඳ කතා කිරීමටවත් ධෛර්යයක් නැත. ඊට හේතුව වෙළඳාම පිළිබඳ වගකීම දැරූ අමාත්‍යවරයාගේ බලවත්කම බව පසුගිය කාලයේ දී ඔහු හැසිරුණු සහ කතා කළ ආකාරයෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම එම කූට අපනයන ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් සහ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස් අතර පවතින සම්බන්ධය හෙළිදරව්වීමෙන් පසුව ප‍්‍රශ්නය කතාබහ කිරීමේ ධෛර්ය තවදුරටත් හීන වී ඇති බව පැහැදිලිව පෙනෙයි. ඊට අමතරව ගම්මිරිස් ගොවියා පිළිබඳ කිඹුල් කඳුළු හෙළන ගොවි සංවිධාන වල නායකයන්ගේ දේශපාලන පක්ෂ සහ කූට ගම්මිරිස් ව්‍යාපාරයට මෙන්ම පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයන් අතර පවතින සම්බන්ධය හෙළිදරව්වීමෙන් පසුව අදාළ පිරිස් උපන්ගෙයි ගොළුවන් බවට පත් වී ඇති බව දැක ගත හැක. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ සහරාන්ලා නඩත්තු කිරීමට ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් ගොවීන් බෙහෙවින් දායක වී ඇති බවය.
කෙසේ වෙතත් අදාළ අමාත්‍යවරයා තාවකාලිකව ධුරය හැර ගිය තත්ත්වයක් තුළ ද ඊනියා ප‍්‍රතිඅපනයනය නම් වූ දූෂිත ව්‍යාරපාය නැවැත්වීමට නොහැකි වී ඇත. ප‍්‍රතිඅපනයන ක‍්‍රියාවලිය අහෝසි කිරීම සහ ඒ පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම වෙනුවට ආනයන බදු පනවා ප‍්‍රශ්නය විසඳන බව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශ කොට ඇත. එහෙත් ප‍්‍රශ්නය විසඳී නැත. සහරාන්ලා මියයෑමෙන් වහබ්වාදය අවසන් නොවනවා සේම වෙළෙඳ ත‍්‍රස්තවාදයද අවසන් නොවන ක‍්‍රියාවලියක් බව දැන් පැහැදිලි වේ. ඒ නිසා එම ප‍්‍රශ්න දෙකටම මුල්වන හේතුව අහෝසි කිරීමෙන් තොරව ඒවා විසඳිය නොහැකි බවද දැන් ගම්මිරිස් ගොවියාට පමණක් නොව මහජනයාටද වැටහිය යුතුය. විශේෂයෙන්ම දීර්ඝකාලීනව ප‍්‍රශ්නය දීමට නම් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය එක් අමාත්‍යවරයෙකුට පැවරීමේ අඥාන තීන්දුව වෙනස් කළ යුතු බව පැහැදිලිය. වෙළෙඳ අමාත්‍යාංශය මුල්කරගෙන බිහි වී ඇති දේශීය නිෂ්පාදනයට වළ කපන මෙම ඊනියා ”ප‍්‍රතිඅපනයන කර්මාන්තය” නිසා පුවක් වෙළඳාමට ද පහර වැදී ඇත. ඉහත සඳහන් කළ දේශපාලන බලය සහිත වෙළෙඳුන් ගම්මිරිස් ආදර්ශය කරුංකා අපනයනයටද යොදා ගැනීම නිසා දේශීය කරුංකා නිෂ්පාදකයා ද වළපල්ලට වැටී ඇත. මෙහිදී ඉන්දුනීසියාවෙන් කරුංකා ආනයනය කොට ප‍්‍රති අපනයනය කිරීම නිසා අද වන විට කරුංකා වෙළඳපොළටද ගම්මිරිස් වෙළඳපොළට සිදුවී ඇති දේම සිදු වී ඇත.
පසුගිය කාලය පුරාම රජය පැත්තෙන් වගකිවයුතු නිලධාරීන්ගේ මුවින් පිටවූයේ ගෝලීය කුරුඳු ඉල්ලූම සැපයීම සඳහා කුරුඳු නිෂ්පාදනය වැඩි කළ යුතු බවය. එහෙත් මේ වන විට කුරුඳු වෙළඳපළට සිදුවී ඇති දේ සුවිශේෂී තත්ත්වයකි. එසේම ශ‍්‍රී ලංකාවට ආවේණික කුරුඳු වලට පවතින ඉහළ ඉල්ලූම නිසා විවිධ නිෂ්පාදන දාමයක් ලෙස වටිනාකම් එකතු කොට කුරුඳු අපනයනය කළ යුතු බවද ප‍්‍රකාශ විය. එනම් කුරුඳු තෙල්, කුරුඳු කුඩු සහ සිල්ලර වෙළෙඳාමට ඉදිරිපත් කරන කුඩා බහාලූම් ආදී වශයෙන් කුරුඳු අපනයනය කළ යුතු බව සඳහන් විය. නමුත් පසුගිය කාලයේදී රුපියල් 2000 ට වැඩි මිල මට්ටමකට පැවැති කුරුඳු අද වන විට තොග වෙළෙඳුන් විසින් මිලදී ගන්නේ රුපියල් 1500 ක පමණ මිලකටය. ශ‍්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ රටවල් 50 කට පමණ අපනයනය කළද 50% වැඩි ප‍්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ ඇමෙරිකාව මෙක්සිකෝව සහ පේරු යන රටවලටය. එම රටවල ශ‍්‍රී ලංකාවේ කුරුඳු වලට ඉහළ ඉල්ලූමක් පවතින්නේ එම කුරුඳු වල පවතින ආවේණික උසස් ගුණය නිසා බව පැහැදිලිය. එසේනම් එම වෙළඳපළ කඩාවැටීම හා ගුණය කඩාවැටීම අතර අනිවාර්ය සබඳතාවක් තිබිය යුතුය. ඒ අනුව පැහැදිලි වන්නේ යම් කූට ව්‍යාපාරික පිරිසක් බාල කුරුඳු රටට ආනයනය කොට ඒවා ශ‍්‍රී ලංකාවේ කුරුඳු වලට මිශ‍්‍ර කොට අපනයනය කරන බව නොවේද?
මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ තේ වලට තිබූ උසස් නාමය පහත වැටීමට ද හේතු වී ඇති බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකාවේ තේ මණ්ඩලය පිහිටුවීමේ පනත අනුව තේ ආනයනයට සීමා පනවා ඇත. එහෙත් කූට ලෙස බාල තේ ආනයනය කොට ශ‍්‍රී ලංකාවේ උසස් නිෂ්පාදන සමඟ මිශ‍්‍ර කොට අපනයනය කිරීමේ බලගතු ව්‍යාපාරයක් පවතින බව ප‍්‍රසිද්ධ කරුණකි. ඒ අතර දේශීය කසළ තේ අපනයන තේ වලට මිශ‍්‍ර කිරීමේ ජාතික අපරාධයද දිගින් දිගටම සිදුවේ. නීතිය අනුව කසළ තේ නැවත සකස් කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ එක් කර්මාන්ත ශාලාවකට පමණි. නමුත් එම ප‍්‍රවාහන බලපත‍්‍ර ලබාගත් පිරිස් ඒවා වෙනත් ස්ථානවලට රැගෙන ගොස් මිශ‍්‍ර කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව වාර්තා විය.
මෙම තත්ත්වය යටතේ තේ ගොවියා පමණක් නොව තේ කර්මාන්තශාලා පද්ධතියද අර්බුදයට ලක් වෙමින් ඇත. ස්වභාවධර්මයේ මහා ආශිර්වාදයෙන් ලෝකයේ උසස්ම තේ නිපදවන මේ රටේ මහපොළොව තමා දරා සිටින දේශපාලන නායකයන් ඒ තරමට උසස් මිනිසුන් බවට පත් කිරීමට අසමත් වීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය මතුවී ඇත. එම නායකයන් ස්වභාධර්මයේ යම් නිෂ්පාදනවල උසස් බව රැකීමට අසමත්වීම පිළිබඳව යම් සමාවක් දිය හැක. ඊට හේතුව ඓතිහාසිකව මේ පින් බිම සතු බොහෝ උසස් දේ රැක ගැනීමට ජනතාව ද අසමත් වීමය. කෙසේ වෙතත් පොල් වෙළෙඳපළට සහ මහජන සෞඛ්‍යයට අදාළව සිදුකරන විපත කිසිසේත්ම සමාව දිය හැක්කක් නොවේ. ආනයනික පාම් තෙල් වලට බදු සහන දීම සහ පිරිපහදු නොකළ බාල ෆාම් තෙල් ආනයනයට ඉඩ සැලසීම නිසා අද වනවිට රටේ පොල්තෙල් සහ ෆාම් තෙල් පරිභෝජනය පවතින්නේ 1:9 ක අනුපාතයටය. මීට වසර දහයකට පෙර මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 1 කට අඩු මට්ටමක පැවැති ෆාම් තෙල් ආනයනය අද වන විට මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 2 ක් ඉක්මවා ඇත.
පිරිපහදු නොකළ ෆාම් තෙල් වල අඩංගු ”නිදහස් මේද අම්ල” ප‍්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඒවා පරිභෝජනය දිරිමත් කිරීම මගින් දීර්ඝ කාලීනව බරපතළ ලෙස සෞඛ්‍ය අර්බුදයකට මුහුණු දීමට සිදුවේ. විශේෂයෙන්ම එම මේද අම්ලය විෂ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇත. වටිනාකම් එකතු කිරීමේ නාමයෙන් බදු සහන යටතේ ආනයනය කරන පිරිපහදු නොකළ ෆාම් තෙල් පිරිසුදු කළ තෙල් සමඟ මිශ‍්‍ර කොට වෙළඳපොළට ඉදිරිපත් කරන බව ප‍්‍රසිද්ධ කරුණකි. ඒ පිළිබඳව අධිකරණ ක‍්‍රියාමාර්ග පවා ගනු ලැබුවද එම කූට ව්‍යාපාරය දිගින් දිගටම පවත්වාගෙන යන බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකාවේ ෆාම් තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තයක් නොමැති තත්ත්වයක් යටතේ ඒවා ආනයනයට ඉඩ සලසන්නේ කුමන අරමුණකින්ද? ඒ බදු සහන ලබා දීම මගින් කොමිස් ගැසීමේ කර්මාන්තය දියුණු කිරීම සඳහා බව තේරුම්ගත නොහැක්කේ කාටද?
එම කූට කර්මාන්තය නිසා අද වන විට අපනයන වෙළෙඳ පොළේ වියළි පොල් මිල කිලෝග‍්‍රෑම් 1 කට ඇමෙරිකානු ඩොලර් 3.50 සිට 1.50 දක්වා පහත වැටී ඇත. එම නිසා වෙළෙඳපළ තුළ වගාකරුවන්ගෙන් මිලදී ගන්නා තොග පොල් මිල රුපියල් 18 දක්වා පහත වැටී ඇති අතර පොල් වගා වගාකරුවන් බරපතළ අර්බුදයකට ලක්වී ඇත. එම තත්ත්වය තුළ පොල් වගාව නඩත්තු කිරීම නිසි පරිදි සිදු නොකිරීම නිසා දීර්ඝකාලීනව පොල් නිෂ්පාදනය බිඳ වැටීමක් සිදු වන බවද තේරුම් ගැනීම අමාරු නැත. කිරි
ගොවියාගේ සහ වී ගොවියාගේ තත්ත්වයද මීට වෙනස් නැත. විදේශීය කිරිපිටි සමාගම් වලට රු. මි 10,000 ක බදු සහන සහ පාන් පිටි සමාගම් වලට රු. මිලියන 34,000 බදු සහන ලබාදෙන තත්ත්වයක් තුළ ගොවියා නගාසිටුවන්නේ කෙසේද? කූට වෙළෙඳුන්ට අධික ලාභ ලැබීම සඳහා සහ දේශපාලකයන්ට කොමිස් ගැසීම සඳහා පවත්වාගෙන යන ”බදු සහන කර්මාන්තය” වසා දැමීමෙන් තොරව මෙම ප‍්‍රශ්න විසඳිය හැකිද? එනම් රජයට හිමිවිය යුතු ආදායම් කූට ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට දමා ඉන් කොටසක් තම සාක්කුවට දමා ගැනීමේ දූෂිත දේශපාලනයට තිත තබන තුරු දේශීය නිෂ්පාදන ආර්ථිකය හෝ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමිය නොහැති බව රටේ ජනතාව තේරුම්ගත යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...