කොටි හිතවාදීන්ට ජාතික කොඩිය පෙන්වූ නිසා ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් නොකර සිදුකිරීම බරපතල ගැටළුවක් බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළඋරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මෙවැනි බ්‍රිගේඩියර්වරයෙකුගේ වැඩ තහනම් කරනවානම් සේනාධිනායකයා වශයෙන් ජනාධීපතිවරයා අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු බවයි.
මෙම බ්‍රිගේඩියර්වරයා ආවේගශිලිව හැසිරුණු බව ප්‍රකාශ කරමින් වැඩ තහනම් කිරීම පුදුම සහගත ක්‍රියාවක් බවත් ඉතා සංයමයකින් තමාගේ රට පිළිබඳ අභිමානය සංකේතවත් ලෙස ප්‍රදර්ශනය කිරීම ආවේගශිලී වශයෙන් අර්ථ දක්වන්නේ කෙසේද කියා තමා ප්‍රශ්න කරන බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
රට වෙනුවෙන් පෙනී සිටි මෙවැනි අභිත බ්‍රිගේඩියර්වරයෙකු කොටි හිතවාදීන් සතුටු කිරීම සඳහා වැඩ තහනමට ලක්කිරීම සඳහා ක්‍රියාකළේ කවුරුන්ද කියා ජනාධිපතිවරයා වහාම රටට හෙළිකළ යුතු බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
තමාට පෙර රට කොළඹ ඩි. එස් සේනානායක විද්‍යාලයේ ආදර්ශ පාඨය බවත් එම ආදර්ශ පාඨය අනවම ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හිතවාදීන් දැක්වූ විරෝධයට මනා සංයමයෙන් යුකතව අභිතව නිවැරදි ආකාරයෙන් සංකේතාත්මකව ප්‍රතිචාර දැක්වූ ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්සක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය හිමිවිය යුතු බවද පාර්ලිමෙන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඔහුගේ පැහැදිලි කිරීමත් අහලම බලන්න …මේ විඩීයෝ වට අනුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු ඩයස්පෝරාවේ කණ්ඩායමට කරුණු පැහැදිලි කරදීමට උත්සහ දරා ඇත.ඒ ඔහු යුධ සමයේ සහ පශ්චාත්යුධ සමයේ සිදුවීම් පිළිබද තිබූ අත්දැකීමත් සමග.වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බලකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදා ගැනීමේ සටනට 591 බල සේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිළධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ( එවකට කර්නල් ) සුවිශාල මෙහෙවරක් ඉටුකළ අයෙකි.කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත් , සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙසින් ප්‍රකට වූ චරිතයක් ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නමක් දිනාගෙන ඇත.ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිළධාරියෙකු ලෙස මොහු ප්‍රකටය.
Gepostet von Janith Ishara am Dienstag, 6. Februar 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...