බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් හා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් චෝදනා එල්ලවූ සියලුම දෙනාට පක්ස භේදයෙන් තොරව උපරිම දඩුවම් ලබාදෙන බවට සහතික වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හක්මනදී පැවසීය.
එය රට හා ජනතාව වෙනුවෙන් තමන් විසින් කළ යුතු දෙයක් යැයිද ජනාධීපතිවරයා කීය. ජනාධීපතිවරයා මෙසේද පැවසීය
මා විසින් කොමිෂන් සභා හා ඒවායෙන් නිකුත් කරන ලද වාර්තා බොරු බව චෝදනා එල්ලවූ පුද්ගලයන් කියනවා. ඒවා දේශපාලනීකරණය වී තිබෙන බවත් ඔවුන් කියනවා. ඒ කොමිසන් සභාවල කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණ යේ හා අභියාචනාධීකරණයේ විනිසුරු වරුන්. ඔවුන් කිසිදිනක මේ කොමිෂන් දේශපාලනීකරණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
මිහින් එයාර් හා ශ්‍රී ලංකා ගුවන් සේවය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න මම අලුතෙන් කොමිෂන් සභාවක් පිහිටෙව්වා. ඒවායේ හොරකම් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී තමුන්නාන්සේලාට බලාගන්න පුළුවන් යැයිද කීය.
හක්මන ප්‍රදේශයේ පැවති ජනරැලියකට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ඊයේ (06) මෙ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...