කොළඹ සහ ඒ අවට නගරයන්වල ජනතාවගේ ජල අවශ්‍යතාව ඉහළ යන බැවින් එම ගැටලුව විසඳීමට නව ජලාශයක් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් උසස්පෙළ පන්ති ඇති පාසැල් තිබෙන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුන්දහසකට වැඩි සංඛ්‍යාවකට නොමිලේ වයිෆයි දීමට අප්‍රේල් මාසය වන විට කටයුතු කරන බවත් අනෙකුත් පළාත්වලටද මෙම වර්ෂය තුළදී එම පහසුකම ලබාදෙන බවත් කී අග්‍රාමාත්‍යවරයා බස්නාහිර දියුණුව පිළිබඳ මෙතෙක් නිසි අවධානයක් යොමුකර ක්‍රියාකළේ වත්මන් රජය බවත් පැවසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ කොළොන්නාව ආසන්යේ කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමිනි.
අප අලුත් ඡන්ද ක්‍රමයක් ඇතිකර තිබෙනවා ඒක අත්හදා බැලීමක්. මෙම ක්‍රමය සාර්තකනම් පාර්ලිමේන්තු ඡන්දයටත් ඉදිරිපත් කරමු. හැම කොට්ඨාසයටම මන්ත්‍රවරයෙක් මේ නිසා සිටිනවා. ඔහුගෙන් තමන් සිටින ප්‍රදේශයට අවශ්‍ය වැඩ කටයුතු සිදුකර ගන්න පුළුවන්.
නව ක්‍රමය යටතේ තේරී පත්වී තම ප්‍රදේශයට වැඩක් නොකෙරුවොත් ඊළඟ ඡන්දයේදී අදාළ මන්ත්‍රිවරයා ප්‍රදේශයේ ජනතාවට ප්‍රතික්ෂේපකළහැකියි.
බයිසිකලයෙන් ඡන්දය ඉල්ලන්න ආපු මන්ත්‍රිවරයා ඊළඟ අවස්ථාවේත් ඡන්දය ඉල්ලන්න බයිසිකලයෙන් පැමිණිය යුතුයි.
ඔහු අයතා ලෙස හම්බකරගෙන බෙන්ස් කාරයෙන් පැමිණියහොත් ඊළඟ ඡන්දයේදී ජනතාවට ප්‍රතික්ෂේප කළ හැකියි. මෙහෙම ක්‍රමයක් තමයි අපි ඇතිකර තිබෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...