සාකච්ඡුා කළේ මනෝජ් අබයදීර
නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ තවමත් හෙළිදරව් නොවූ තොරතුරු ගවේෂණය කරමින්, අධිකරණය හමුවේ, එම අම්මාවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කමිටුවේ එක් නියමුවෙකු වන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා, ෂාෆි සාපයේ, මෙතෙක් හෙළි නොවූ දෑ සහ ඉදිරිය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග කරන ලද සාකච්ඡුාවයි මේ.
ප්රශ්නය – ෂාෆි සාපය පිළිබඳව කතා කිරීමට පෙර ඔබ සම්බන්ධයෙන් සහ මෙම සිද්ධියේදී අසරණ වූ මවුවරුන් වෙනුවෙන් ඔබ පෙනී සිටීම දක්වා කතාව පැහැදිලි කළහොත්…
පිළිතුර – මම මාරවිල ප්‍රදේශයේ නීතිඥවරයෙක්. ෂාෆි සිද්ධිය පිළිබඳව මුල් අවස්ථාවේදී ආරංචි වූ විට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මම කුරුණෑගලට ගියා. එහිදී රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය වීරබණ්ඩාර මහතා හමුවී මම ඒ සිද්ධිය පිළිබඳව සාකච්ඡුා කළා. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය විශාල කාර්ය භාරයක් කළා. එම කාර්ය භාර්ය නොවන්නට මෙවැනි නඩුවක් මේ විදිහට ස්ථාපිත වන්නේ නැහැ. එහිදී තමයි අපිට දැන ගන්නට ලැබුණේ මේ සඳහා නීතිඥ සහයක් ඒ වන විටත් ලැබෙන්නේ නැහැ කියන එක. එහිදී අපි විසින් ස්වේච්ඡුාවෙන්ම මෙම අධිකරණ ක්‍රියාමාර්ගය සඳහා ඉදිරිපත් වන්නේ. මුල් අවස්ථාවේදී මමත් නීතිඥ චානක අබේවික්‍රම, නීතිඥ නිරෝෂි උයන්වත්ත යන තිදෙනා තමයි අධිකරණයට මුල් දිනයේදී ඉදිරිපත් වුණේ. එදා රැඳවුම් නියෝග මත සිටි ෂාෆි වෛද්‍යවරයා නොමැතිව තමයි අධිකරණයට කරුණු වාර්තා කළේ.
ප්රශ්නය – ෂාෆි සාපයෙන් අසරණ වූ මව්වරු වෙනුවෙන් ඔබ ඉදිරිපත් නොවුණත්, මේ රටේ පොලිසිය සහ එවැනි
අනුශාංගික ආයතන රාශියක් එවැනි අය සඳහා පෙනී සිටිය යුතු වෙනවා. එම ආයතන මේ අසාධාරණයට ලක්වූ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටියේ නැද්ද…?
පිළිතුර – මෙතැනදී මූලිකවම මෙම ක්‍රියාමාර්ගය ආරම්භ වෙන්නේ, ‘දිවයින’ පුවත් පත විසින්, මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා විසින් කරන අනාවරණයක් තුළින්. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ, වඳභාවය සම්බන්ධයෙන් වුවත්, එතැනින් එහාට මේ සිද්ධිය ගමන් කරනවා. ෂාෆිට සහරාන් සමග සම්බන්ධයක් තිබුණාද…? මේ ලබා තිබෙන වත්කම් ෂාෆිට ලැබුණේ කොහෙන්ද…? ආදිය සම්බන්ධයෙන් කරුණු හෙළිවෙන්න පටන් ගන්නේ දිවයින පුවත්පතේ අනාවරණයෙන් පස්සේ… නඩුවේ පළමු දිනයේදී රහස් පොලිසිය පිටු දෙසිය දහයක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එමගින් රහස් පොලිසිය අධිකරණයට කියන්නේ, ෂාෆිට සහරාන් සමග සම්බන්ධයක් නැති බව කියනවා. දෙවැනියට ෂාෆිට තියෙන අයථා ලෙස වත්කම් උපයා ගත්තා කියන චෝදනාවෙන් ද රහස් පොලිසිය විසින් ෂාෆිව නිදොස් කරනවා. ඊළඟට වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කටයුතු කරන ආකාරය දෙස බලන්න… එතැනදී සාක්ෂි ලබා ගන්න ප්‍රශ්න කරන්නේම ෂාෆිට වාසි ආකාරයට. ඒ අනුව අවසානයේදී රහස් පොලිසිය විසින් පැලෝපීය නාළය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලනවා. එම පරීක්ෂණය ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ වඳ සැත්කම් සඳහා මිසක් ෂාෆි කරපු විදිහේ සියුම් වන්ද්‍යා කුමන්ත්‍රණ එම පරීක්ෂණයෙන් හසුවෙන්නේ නැහැ. ෂාෆි නීති විරෝධී ලෙස කරන ලද වන්ද්‍යා සැත්කම් සඳහා එම කටයුත්ත නිවැරදි වුවත්, ඔහුගේ සියුම් වඳ සැත්කම් සඳහා එම වැඩපිළිවෙළ නිවැරදි වන්නේ නැහැ. ඇත්තටම ෂාෆි කරපු දේ හෙළිදරව් කරන්න නම්, පැලෝපීය නාළය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම ප්‍රමාණවත් නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රජනන පද්ධති පරීක්ෂාවක් සඳහා එම මව්වරු ලක් කළ යුතු වෙනවා. එදා ගරු අධිකරණය රහස් පොලිසිය ඉල්ලූ පරීක්ෂණය නැවැත්තුවා. ඒ පරීක්ෂණය කියන්නේ ෂාෆි නිදහස් කිරීමේ කූට උපක්‍රමයක්. අපි සම්පූර්ණ ප්‍රජනන පද්ධති පරීක්ෂාවක් ඉල්ලදී රහස් පොලිසිය ඉල්ලන්නේම පැලෝපීය නාළ පරීක්ෂාවක්. මේ විදිහට රහස් පොලිසිය මව්වරුන් වෙනුවෙන් නෙමෙයි පෙනී සිටියේ, ෂාෆි නිදහස් කිරීම වෙනුවෙන්… ෂාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් කියන දේම තමයි රහස් පොලිසියත් අවසාන වශයෙන් කිව්වේ…
ප්රශ්නය – ඔබ සඳහන් කරන පරිදි පාස්කු ප්‍රහාරය සඳහා ෂාෆි වෛද්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙනවා නම්, ඒ සඳහා වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා. ෂාෆි සහ ඉස්ලාම් ත්‍රස්තවාදය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ සැකයක් ගොනු වෙන්නේ කොහොමද…?
පිළිතුර – සාහරන් සහ වත්කම් කියන චෝදනා දෙක අපි එකට ගත යුතුයි. සහරාන්ගේ සම්බන්ධය හෙළිවෙන්න අවුරුදු දාහතරක්, වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා, මේ තරම් ධනස්කන්ධයක් උපයාගන්නේ කොහොමද…? ඒ ප්රශ්නය සඳහා පිළිතුරක් දෙන්න නම් ෂාෆි සහ ඔහුගේ වත්කම් සඳහා සිටින හවුල්කාර පාර්ශ්ව පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ සියලූ දෙනාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා, ෂාෆිගේ පවුලේ සියලූ දෙනාගේ දුරකථන වාර්තා ආදිය විශ්ලේශනය කළ යුතු වෙනවා. එම කිසිදු දුරකථන වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. රහස් පොලිසිය කටයුතු කරන්නේ එහෙමයි. කුරුණෑගල පොලිසිය විසින් මේ ගැන ඉදිරිපත් කරලා තියෙන වාර්තා රාශියක් තිබෙනවා. එම වාර්තා යටගහලා, ෂාෆි තමන් ළඟ තියාගෙන රහස් පොලිසිය විසින් අමුතුම නාට්‍යයක් රඟ දක්වන්න පටන් ගත්තා.
ප්රශ්නය – ෂාෆි සතු වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සොයාගන ඇති තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වන්නේ නැත්තේ ඇයි…?
පිළිතුර – කුරුණෑගල නගරයේ ඇති ‘රියෝබාර්’ කියන දේපළ ෂාෆි මිලට ගන්නවා. එය මිලදී ගැනීමේදී තවත් හවුල්කරුවන් තුන්දෙනෙක් සිටිනවා. මේ හවුල්කරුවන් කවුද…? ඒ අයට මේ කෝටි පහළොවක විස්සක දේපලක් ගන්න මුදල් කොයින්ද…? මේ හවුල්කරුවන්ගෙන් මේ දක්වා රහස් පොලිසිය කිසිදු සාක්ෂියක් අරගෙන නැහැ. ෂාෆි සතුව කෝටි ප්‍රකෝටි ගණනක දේපල තිබෙනවා. රහස් පොලිසිය මේ කිසිවක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරලා නැහැ. රහස් පොලිසිය කරන්නේ ෂාෆි වෛද්‍යවරයා තමන් ළඟ තබාගෙන ලියන පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන එක විතරයි. එදා කිව්වේ පොලිසියෙන් බේරුණත් රහස් පොලිසියෙන් බේරෙන්න බැහැ කියලා. අද පොලිසියෙන් හසු කර ගත්ත කෙනා බේරෙන වැඬේ කරන්නේ රහස් පොලිසිය. දෙවැනි කාරණය තමයි නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව. හානියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මෙවැනි නඩුවලදී එනවා. මේ නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව එන්නේ අම්මලා වෙනුවෙන්. එහෙම ඇවිල්ලා, විත්තිකරුට රහස් පොලිසිය දුන්න වාර්තාව තමයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් කියෙව්වේ. වෙන කිසිදු කොළ කෑල්ලක්වත් නීතිපති දෙපාර්තමේන්තුව කියෙව්වේ නැහැ. ෂාෆිට මේ තරම් විශාල මුදලක් ආවේ කොහොමද කියලා, හොයන්න ඕනේ. ඉස්ලාම් ත්‍රස්තවාදය සමග ෂාෆිගේ වත්කම් සඳහා වඳ සැත්කම් සඳහා සම්බන්ධයක් තිබෙනවාද යන්න පුළුල් විමර්ශනයක් අවශ්‍යමයි. අපි දැනට අප සතුව ඇති තොරතුරු හෙළි කරන්නේ නැහැ. ඒවා අනාගතයේදී හෙළි කරන්නම්. ෂාෆිගේ බැංකු ගිණුම්වල ඇති තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා විනිසුරුතුමා, පළමු දිනයේම නියෝග කළා. එම වාර්තාව දෙවැනි දිනයේදී රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. අපි අධිකරණයේදී ඇහැව්වා, මෙම වාර්තා ඉදිරිපත් නොකර රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විත්තිකරු නිදහස් කරන්න කියලා ඉල්ලන්නේ කොහොමද කියලා. ඒ අනුව අධිකරණය විසින් ෂාෆි සතු සියලූ දේපළ, ගිණුම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනවා.
ප්රශ්නය – පාස්කු ප්‍රහාරය සහ වඳ සැත්කම් අතර සම්බන්ධයක් ඇති බවට පෙන්නුම් කිරීමට ඔබ කිහිපවරක්ම උත්සාහ කළා. එසේ වුවත් තවම මේ දෙක අතර සම්බන්ධයක් ඇති බව කීමට තරමේ සාක්ෂි කිසිවක් හමුවී නැහැ…
පිළිතුර – සාක්ෂි හමුවී නැහැ නෙමෙයි… ඒවා යටපත් කරන්න උත්සාහ කරනවා කිව්වොත් නිවැරදියි. පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු සියලූ දෙනා දැන් නිදහස්… එසේ වුවත් එක්කෙනෙක් හිරවුණා. ඒ ෂාෆි. මේ ක්රියාදාමයේ හිටපු යහළු මිත්‍රාදී සියලූ දෙනා නිදහස් වුණා. ෂාෆි විතරක් ඉතුරු වුණා. දැන් මේ රාජ්‍ය යාන්ත්‍රණය, මුස්ලිම් අන්තවාදය, ජාත්‍යන්තරය එකතුවෙලා සිය සම්පූර්ණ වෙර යොදවන්නේ ෂාෆි නිදහස් කර ගන්න. මේ සාහසික කාර්යය සම්බන්ධයෙන් ලංකාවේ සියලූ දේශපාලන නායකයෝ නිහඬයි… ඉදිරි මැතිවරණ සඳහා මුස්ලිම් ඡුන්ද මල්ල දිනා ගන්න ඔවුන් මෙසේ නිහඬතාවය පළ කරනවා. ඡන්ද බලාගෙන සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින මේ නායකයෝ ඉන්න කොට, මෙවැනි සම්බන්ධකම් අපි හෙළිදරව් කරගන්නේ කොහොමද…?
ෂාෆිගේ ජාතිය නෙමෙයි අපිට තියෙන ප්රශ්නය… මේ වැඬේ කළේ සිංහල වෛද්‍යවරයෙක් මුස්ලිම් ජනතාවට එරෙහිව නම් ඒත් අපි මේ විදිහටම පෙනී සිටිනවා. මේක සිංහල වෛද්‍යවරයෙක් මුස්ලිම් ජාතියට එරෙහිව කරා නම් මේ රටේ තත්ත්වය කොහොම තියෙයිද…? එහෙනම් අද ලෝකය පුරාම සිංහලයන්ව හම ගහනවා. එහෙම දෙයක් තම ජාතියට වෙලා තියෙද්දී සිංහලයෝ ඉවසාගෙන සිටීම පිළිබඳව මේ රටේ මුස්ලිම් ජනවර්ගය සිංහල ජාතියට ස්තුතිවන්ත විය යුතු වෙනවා. මේක මනුෂ්‍ය සංහතියට එරෙහිව කරන ලද අපරාධයක්… ඒ නිසා මුළු ලෝකයම එකතුවෙලා මේ අපරාධය පිළිබඳව හෙළි කරගන්න ඕනේ.
ප්රශ්නය – රහස් පොලිසිය විසින් ෂාෆිට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට ඔබ දැඩිව කියා සිටිනවා. එවැනි ක්‍රියාදාමයක් සඳහා රහස් පොලිසිය යොමුවීම සඳහා තිබෙන හේතු මොනවාද…?
පිළිතුර – ඊළඟ ඡුන්දයට කලින් ෂාෆි නිදහස් කර ගැනීම සඳහා අද සිටින දේශපාලන හස්තයට වුවමනාවක් තිබෙනවා. එය ඉටු කරගන්න හැකි සෑම බලයක්ම ඔවුන් යොදනවා. නමුත් මේ රටේ තවම උත්තරීතර මිනිස්සු ඉන්නවා. ඔය කිසිම බලයකට නොනැමෙන විනිසුරුවරුන් තවම මේ රටේ ඉන්නවා. ඔය සල්ලිවලට නැවෙන්නේ නැති වෛද්‍යවරු තවම මේ රටේ ඉන්නවා. තවමත් මේ රටේ සාධාරණය වෙනුවෙන් තමන්ගේ අතින් වියදම් කරගෙන, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් සිටිනවා. ෂාෆි වෙනුවෙන් මෙසේ රහස් පොලිසිය පෙනී සිටින්නේ, දේශපාලන මැදිහත්වීම සහ මුදල් යන කාරණා දෙක වෙනුවෙන්.
ප්රශ්නය – ඔබ ඇතුළු නීතිඥවරු පිරිසක් ස්වේච්ඡුාවෙන් පමණක් නොවේ, අතින් සියලූ වියහියදම් දරාගෙන මේ කාර්යයේ නිරතවෙනවා. සමහර ආරංචි මාර්ග පවසන්නේ මේ කර්තව්‍යයේ යෙදෙන විට ඔබ ඇතුළු පිරිසට ජීවිත තර්ජන පවා ඇතිවී තිබෙන බවයි… ඒ ගැන පැහැදිලි කිරීමක් කළහොත්…
පිළිතුර – අප සියලූ දෙනාට අද වන විට තර්ජනයට මුහුණ පා තිබෙනවා. අපේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙනවා. රටේ නීතිය රකින රහස් පොලිසිය, අද හැසිරෙන ආකාරය දුටුවාම, අපිට කිසිම ආරක්ෂාවක් නැහැ. මුස්ලිම් අන්තවාදය කියන්නේ සල්ලි ආකරයක්… ඔවුන්ට අපිව ඝාතනය කිරීම සුළු දෙයක්. පසුගිය සතිය වන විට මගේ ෆේස්බුක් ගිණුම් දෙකම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මේ තමයි පළමු තර්ජනය… අපිට තිබෙන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් අපි පොලිසිය දැනුවත් කරලා තියෙනවා. නමුත් තවම අපට ආරක්ෂාව සඳහා කිසිදු පියවරක් පොලිසිය අරගෙන නැහැ.
ප්රශ්නය – මෙසේ අසරණ වූ මවුවරු වෙනුවෙන් ඔබ ඇතුළු පිරිස සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවද…?
පිළිතුර – පසුගියදා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට අපි අම්මාවරුන් දහසක් කැඳවලා මෙම සංවිධානය පිහිටුවා ගත්තා. මේ සංවිධානයේ නම ‘යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය’. එහි සභාපති මම. කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ නීතිඥ නිරුෂි උයන්වත්ත, ජාතික සංවිධායක නීතිඥ චානක අබේවික්‍රම, ලේකම් ලෙස කටයුතු කරන්නේ නීතිඥ සමන් මහත්මයා. මේ සඳහා අම්මාවරු විසිදෙනෙක්ගේ කමිටුවක් දා ගත්තා. එදා අපි එකමුතු වුණහම ඒ සඳහා කිසිදු අනුග්‍රහයක් අපිට ලැබුණේ නැහැ. එදා සිටි මව්වරුන්ට මාතර කඩෙන් දිවා ආහාරය ගේන්න රුපියල් පහළොස්දාහක් අපේ අතින් තමයි දුන්නේ. මේ කිසිදු කටයුත්තක් සඳහා අපිට උදව් ලබන්නේ නැහැ. අපේ දෛනික නඩු කටයුතු පවා අතපසු කරමින් තමයි අපි මේ වැඩවලට යන්නේ. මේ තොරතුරු සෙවීම පහසු නැහැ. ඒවායේ පිටපත් ලබා ගැනීම ලංකාව වටේ යන්න වෙනවා. මේ සඳහා විශාල වියදමක් යනවා. මම මේ රටේ සහ විදේශගතව ඉන්න සියලූ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ අපරාධය හෙළිදරව් කර ගැනීම සඳහා අප සමග එක් වෙන්න… මේ නඩුව රාජ්‍ය බලය සහ අන්තවාදයේ සල්ලි කන්දෙන් වැහිලා යන්න දෙන්න එපා… මේ නඩුවේදී සත්‍ය යටපත් වුවහොත් පරදින්නේ ඒ අම්මාවරුන් පමණක් නොවේ. මේ ජාතියම ලෝකය ඉදිරියේ පරදිනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී අන්තවාදය පරද්දවන්න අපි එකට එකමුතු වෙන්න ඕනේ. අපි පිටිපස්සේ කිසිදු දේශපාලන හස්තයක් නැහැ. රතන හිමියන් අපි සමග සිටීම අපිට ලොකු හයියක් වුණා. උන් වහන්සේගේ ඉදිරිපත්වීම අපිට විශාල සහයෝගයක් වුණ බව කියන්නම ඕනේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
සෆිගේ කේස් එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මේ lawyer අමු මෝඩයෙක්. මම පුද්ගලිකව දන්නවා, ගැනු එක්ක මල්ගස් වටේ දුවන වීඩියෝ වලත් රඟපානවා, ගොබ්බ සින්දු වල