ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (31) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරින් දහසක් පමණ යොදවා ඇති බවත් ක්‍රිඩාංගණය වටා සිසිටීවි කැමරා සවි කර ඇති බවත් පොලිසිය පවසයි.
ක්‍රිඩා පිට්ටනිය වෙත විවිධ ද්‍රව්‍ය වීසි කිරීම හා ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිට්ටනියට අවතිර්ණ විම සපුරා තහනම් කර ඇති අතර මෙහිදී කළහාකාරි ලෙස හැසිරෙන සියලුම තැනැත්තන් නොපමාව පොලිස් අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය පවසයි.
ඉකුත්දා මහනුවර , පල්ලේකැලේ පැවති ක්‍රිකට් තරඟයේදී ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩකයින්ට ජල බෝතල් ප්‍රහාර එල්ල කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරිම හේතුවෙන් මෙසේ ආරක්ෂාව තර කිරිමට පියවර ගත් බව පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...