පුරවැසි කොලම

ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ සියල්ල සමඟ අපේ රට ගමන් කරමින් සිටින්නේ අතිශය භයානක දිශාවකටය. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක් විසින් මේ දිනවල සිදුකරන ලද ප‍්‍රකාශයන් රටේ ජනතාවගේ දැඩි අවධානයට යොමුවිය යුතුව තිබේ.

ඉන් එක් ප‍්‍රකාශයක් තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් විසින්ද තවත් ප‍්‍රකාශයක් දෙමළ ජාතික එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවශක්ති ආනන්දන් විසින්ද අනෙක් ප‍්‍රකාශය බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ද සිදු කර තිබේ.

සී. වී. විග්නේෂ්වරන් පවසන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටලූව වෙන්දේසියට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බවය.

එසේම නැෙඟනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත‍්‍රික්කවල දෙමළ ජනතාව මුස්ලිම්වරුන්ගේ සැලසුම් සහගත ක‍්‍රියාවන්ට හසුව ඇතැයිද දෙමළ ජනතාවට අයත් ඉඩම් අධික මිලක් දීල මුස්ලිම් ජනතාව මිලදී ගෙන ඇතැයිද මේ නිසා දෙමළ ජනතාව සුළු ජාතීන් බවට පත් වන බවද විග්නේශ්වරන් කියා තිබේ.

ආර්ථික ප‍්‍රශ්න නිසා දහස් ගණනක දමිළ කාන්තාවන් ඉස්ලාම් ධර්මයට හරවාගෙන ඇතිබවද දමිළ කාන්තාවන්ට රැුකියා අවස්ථා හිමිකර දිය යුතු බවද පවසන විග්නේශ්වරන් ඒ සඳහා විසඳුම ලෙස ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් තුළ ස්වයං පාලනයට අනුගත දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටලූවට ස්ථීර දේශපාලන විසඳුම් ලෙස ඉල්ලා තිබේ.

මේ අතර සිවශක්ති ආනන්දන් පවසන්නේ ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් දීමට මාසයක කාලයක් රජයට ලබාදෙන ගිවිසුමක් මෙරට සිටින සියලූ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ඉදිරියේ අත්සන් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළයුතු බවය.

මහින්ද රාජපක්ෂ යළිත් බලයට පැමිණීම වළකාලීමේ විකල්පය රනිල් වික‍්‍රමසිංහ බලයට ගෙන ඒම නම් ඒ සඳහා මෙකී කොන්දේසි රජය වෙත ඉදිරිපත් කිරීම සුදුසු එකම ක‍්‍රියාමාර්ගය එය බව පවසන ආනන්දන් වත්මන් ආණ්ඩුව දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරුන් දාහතර දෙනා මත

රැුඳෙන බවද පසුගිය වතාවේ අගමැතිවරයා ඉවත් කළ අවස්ථාවේ තම දේශපාලකයින් සහ නීතිඥයින් අධිකරණයට ගොස් මේ ආණ්ඩුවේ

අගමැතිවරයාගේ සහ ආණ්ඩුවේ ධුර නැවත හිමිකර දුන් බවද කියා සිටී.

වසර හතරහමාරක කාලයක් තමන් රජයට සහාය වුවද දේශපාලන විසඳුම් දීමේ සිට සෑම පොරොන්දුවක්ම රජය ඉටුනොකළ බවත් ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා දෙන්නට නම් දෙමළ ජනතාවගේ සියලූම ගැටලූවලට මාසයක් ඇතුළත විසඳුම් දිය යුතු බවට බලකරන ගිවිසුමකට එළඹිය යුතු බවද සිවශක්ති ආනන්දන් කියා සිටී.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ ඉදිරි මැතිවරණයේදී මෙරට සියයට තිහක් වන සුළු ජාතීන් එක්ව අලූත් වැඩක් කරන බවය.

මෙම සියයට තිහක් වූ සුළු ජාතීන් ප‍්‍රමාණය එක්ව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ හැකි බව එම නිසා පරිස්සම් වන්නැයි ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මාව ආණ්ඩුකාරවරයා අනියමාර්ථයෙන් තර්ජනයක් ද සිදු කර තිබේ. ඔහුගේ තර්ජනය අතිශය භයානක වන්නේ සිංහලයන් ඉතිරි සියයට හැත්තෑව මේ වන විට විවධ කොටස්වලට කැඞී තිබෙන නිසාය.

මේ ප‍්‍රකාශ තුනම අනුව පෙනීයන්නේ ඉදිරි ජනාධිපතිවරණය පදනම් කරගෙන ඡන්ද වෙන්දේසිය සුළුජාතික පක්ෂ විසින් මේ වන විට ආරම්භ කර ඇතිබවය. එසේම ඔවුන්ගේ සහයෝගය නොමැතිව ඉදිරි මැතිවරණ ජයගැනීම කිසිවකුට අපහසු නිසාය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයකදී සියයට පනහේ සීමාව පසුකරන්නට මේ සුළු ජාතික කොටස් අත්‍යවශ්‍ය සාධකයකි.

මේ ප‍්‍රකාශවලින් නොකියා කියන්නේ මොවුන්ගේ මේ ඉල්ලීම් ඉටු කරන තැනැත්තාට තම සහයෝගය ලබා දෙන බවය. වර්තමානයේ අපේ රටේ ඇතිව තිබෙන තත්ත්වය අනුව කවර හෝ ඉල්ලීම් ලබාදී දේශපාලන බලය ලබාගන්නට ඇතැමුන් කටයුතු කරමින් සිටිනු පෙනේ. මේ නිසා මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වන ප‍්‍රධාන පක්ෂ වලින් රටේ සෙසු ජනතාවද මේ රට නොබෙදන බවටත් කිසිදු විදේශ හමුදාවකට මෙරට කඳවුරු බැඳීමට ඉඩ නොදෙන බවටත් දෙමළ හෝ මුස්ලිම් පක්ෂවල අසාධාරණ ඉල්ලීම් ලබා නොදෙන බවටත් රටේ ජනතාව හමුවේ මහාසංඝරත්නය ඉදිරිපිට ලිඛිතව පොරොන්දු කර ගත යුතුය. නොඑසේ නම් මේ සියලූ බල ලෝභීන් එක්ව මේ රට කැබලි වලට කඩන දිනය වැඩි ඈතක නොවන බව අපගේ අදහසයි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More