දෙමළ කාන්තාවන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් සිංහල පුරුෂයන් සමඟ සම්බන්ධ වන දෙමළ කාන්තාවන් සම්බන්ධයෙන් එල්.ටී.ටී. බුද්ධි අංශය දැඩිව ක්‍රියාත්මක වන බවත් සඳහන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශය නමින් වව්නියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ මාර්ගයක් අද්දර ශ්‍රී ටෙලෝ පක්ෂ කාර්යාලය ඉදිරිපිට දමා ගොස් තිබූ දැන්වීම් පත්‍රිකා කිහිපයක් වව්නියාව පොලීසියට හමුවී ඇත.
මෙය එල් ටී ටි සංවිධානය යළි ක්‍රියාත්මක බවට ජනතාව තුළ යළි වැරදි වැටහීමක් ඇති කිරීම පිණිස කිසියම් පිරිසක් විසින් කරනු ලැබූ බාල උපක්‍රමයක් විය හැකි යැයි වව්නියාව පොලීසිය කියයි.
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි අංශය යනුවෙන් සදහන් මෙය බෙදා හරින ලද පුද්ගලයන් සොයා විශේෂ පොලිස් විමර්ශන ආරම්භ කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...