රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය.
එහිදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 9,362ක්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 41ක්ද, නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1,570ක්ද, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 1,016ක්ද ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේය.
ඉදිකිරීම් ටෙන්ඩර පිළිබඳ සම්මත ලේඛනයට අනුව ගෙවීම් සඳහා නිශ්චිත කාලයක් දක්වා තිබෙන බවත්, මෙහිදී කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් සිදු කරමින් යනවිට කොටස් වශයෙන් ගෙවීම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අදාළ ඉංජිනේරුවරයා විසින් සහතික කරනු ලබන එම බිල්පත් දින 21ක් ඇතුළත අදාළ සේවායෝජකයා වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එම සහතික කරන ලද දිනයේ සිට දින 14ක් ඇතුළත සේවායෝජකයා විසින් ගෙවීම් කළ යුතු බවත් කරුණාතිලක මහතා කීය.
දිවයින තුළ රජයේ ඉදිකිරීම් සිදුකිරීම සඳහා හඳුනාගත් වෘත්තීය සුදුසුකම්ලත් ලියාපදිංචි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් 4167ක් හා විශේෂිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් 245ක් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...