පූර්ණ වශයෙන් දේශීය ව්‍යාපාරිකයන්ගේ ආයෝජනයෙන් සම්පූර්ණ ශ්‍රී ලාංකික ආයතනයක් ලෙස ආරම්භ කරන ලද ඊ හබ් ආයතනයේ මූලික අදියර ලෙස ආර්ම්භ කරන ලද ඊ හබ් e Hub – කුලී රථ පහසුකම :e Hub Taxi – හා ඒ සදහා නිර්මාණය කරන ලද ජංගම යෙදුම e Hub App ජනගත කිරීමේ අවස්ථාව පසුගියදා තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී සිදුවිය.
“අපේම අපේ ටැක්සි සේවයක් ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ජංගම යෙදුමe Hub Appමගින් කුලී රථයක් ලබාගැනීමට අපේක්ෂා කරන මගීන් සහ රියදුරන්ට සිය සේවාවන් සැපයීමටත් ලබාගැනීමටත් හැකියාව ඇත.
මෙහි මීලග අදියරේදී මෙම සේවාව අධිවේගී මාර්ගයේ හා දුර ගමන් සේවා සදහා බස් රථ ආසන වෙන් කිරීම ල හෝටල් කාමර වෙන් කිරීම දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
මෙම උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් ඊ හබ් e Hub ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පැවසූයේ අපේ රටේ ශකක්තිමත් ආර්ථීකයක් ගොඩ නැගිය යුතුයි.නැත්නම් අපි වෙනත් රටවල ගොදුරු බවට පත්වනවා. එදා එල් ටී ටී නායක ප්‍රභාකරන්ට වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරගෙන වැඩකටයුතු කරගෙන යන්න දැවැන්ත මූල්‍යමය ජාලයක් තිබුනා. අද වන විට ලෝකයේ බොහෝ රටවල තිඛෙන ව්‍යාපාරවල අයිතිකරුවන් වන්නේ එල් ටී ටී හිතවාදී රාජ් රාජරත්නම් වැනි අයයි. අපි බෞද්ධ ධර්මයෙන් හික්මුනු කොටසක් ලෙසට අපිට බැහැ මත් ද්‍රව්‍ය ජාවරම් වැනි ව්‍යාපාර කරන්න . ඒ අනුව තමයි අපි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. අපි විශ්වාස කරනවා රටට ආදරය කරන අටේ අනාගයට ආදරය කරන ජාතික ආර්ථීකයක් අවශ්‍යය යැයි හඩ නගපු සියලූ දෙනාගේම ආශිර්වාදය මේ සදහා ලැඛෙයි කියල.
මෙම උත්සවයේදී මූලික අනුශාසනාව කල පූජ්‍ය ඛෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ මෙවැනි දේශීය ව්‍යාපාර මේ වන විට රටට අත්‍යාවශ්‍ය බවත් බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් සිදුකරන ලබන ව්‍යාපාර දියුණුවට පත්වන බවත් මෙම ව්‍යාපාරය සදහා මහා සංඝරත්නයේ අශිර්වාදය ලබාදෙන බවත් සදහන් කළහ.
මෙම උත්සව අවස්ථාවට සම්බුද්ධ ජයන්ති මන්දිරයේ නිර්මාතෘ පූජ්‍ය කිරම විමල ජෝති ස්වාමීන්වහන්සේ අක්මීමන දයාරතන ස්වාමීන්වහන්සේ ඇතුලූ මහා සංඝරත්නය හා විද්වතුන් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
එම දේශීය ව්‍යාපාරයට අපේ හදපිරි සුබ පැතුම්!