පළාත් පාලන මැතිවරණය සාමකාමී ලෙස පැවැත්වීමට ඉඩ නොදී එය කඩාකප්පල් කිරීමට යම් පුද්ගලයෙකු හෝ පිරිසක් උත්සාහ ගතහොත් උපරිම ආකාරයෙන් එය වැළැක්වීමට පියවර ගන්නා බවත් එසේත් විසඳීමට නොහැකි වූවොතින් වෙඩි තබා හෝ එවැනි පිරිස් පාලනය කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ගිනිඅවි සහිත පොලිස් නිලධාරීන් සථාන ගතකර තිබෙන්නේ උපරිම ආරක්ෂාවක් සැලකීමට බවද එම මහතා ප්‍රකාශ කරයි. 65000ක පොලිස් නිලධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ඇති අතර පොලිස් විශේෂ කාර්යය පලකායේ සහායද ලැබී ඇත. මීට අමතරව කැරළි මර්ධන ඒකකයද සූදානමින් සිටින බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...