ව්‍යාපාරික පුවත්

රාජ්‍ය ආරක්ෂාව ගැන මිසක් ආර්ථික ආරක්ෂාව ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. එහෙත් ත‍්‍රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කරනවා වගේම ආර්ථිකය රැකගත්තේ නැත්නම් රටකට පැවැත්මක් නැතැයි හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පුස්තකාල ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය.

“අපේ රටේ දළ ජාතික ආදායමට කෘෂිකර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ පහළ මට්ටමක. ඒ නිසා එවැනි අංශයකට ලොකු මුදලක් වැය කිරීමේ තේරුමක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් රටක සාර්ථකත්වය රැඳී තිබෙන්නේ ඒ රටේ ජනතාවගේ සතුට මත. අද ලෝකයේ සතුටින් සිටින ජාතිය නම් කරන්න පටන් අරන් තියෙන්නේ ඒක රටක සාර්ථකත්වයේ මිනුමක් නිසා. අපේ කෘෂිකාර්මික ප‍්‍රජාව තමයි ජනගහනයෙන් වැඩි පිරිසක් සිටින්නේ. ඒ ජනතාව සතුටින් නැත්නම් රටම සතුටින් නෙවෙයි වගේ. ඔවුන් සතුටින් තියන්න නම් කෘෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවිය යුතුයි. එහෙත් අද අපේ කෘෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ගෙවනවා වෙනුවට අඩු මිලට පිටරටින් භාණ්ඩ ගෙන්වනවා.”

“විවෘත ආර්ථිකය තුළ අද අපේ රටට ගෙන්වන්නේ නැති භාණ්ඩයක් නැති තරම්. අපේ පාලකයින් කල්පනා කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සංවර්ධනය  කියලා. ඒ නිසා කුඹුරු ගොඩකරලා ගොඩනැගිලි ඉදිකරනවා. මේක කරන්න එපා කියලා අපි කොයිතරම් කිව්වත් කිසිම කෙනෙක් අහන්න සූදානම් නැහැ. අපිට ඉන්දියාවේ හෝ චීනයේ කෘෂිකර්මාන්තය සමඟ හැපෙන්න බැහැ. ඒ රටවල කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන අපේ මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. එහෙම කියලා ඒවා ගෙන්වලා අඩු මිලට වික්කාම අපේ ගොවියාට මොකද වෙන්නේ කියලා කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. මේක වැරදි ක‍්‍රමයක්” යැයිද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More