මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.
ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින් මෙම ධූරයට පත්ව ඇත්තේ මේ වනවිට මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ , මාදෙල්ගමුව , බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර මහත්මියයි.
ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මැය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත්ව නීති උපාධිය ලබා 2005 වසරේ අමෙරිකාවට ගොස් ඇති අතර 2006 වසරේදී මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේදී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත.
පසුව එහි රජයේ විනිසුරුවරියක් යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලුෂි මහත්මියට ඉකුත් මස 23 වෙනි දින මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් කොට තිබේ.
මේ වනවිට සිය සැමියා වන එරන්ද ලියනපතිරණ මහතා සහ අකේන් සහ ක්‍රිෂේන් යන පුතුන් දෙදෙනා සමග නිලුෂි රණවීර මහත්මිය අමෙරිකාවේ පදිංචිව සිටිති.
කම්කරු දෙපාර්තමේන්තුවෙහි විශ්‍රාමික කම්කරු කොමසාරිස් වරයෙකු වන සරත් වීරසිංහ මහතාගේ සහ විශ්‍රාමලත් ගුරු මහත්මියක වන (ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලය ) ඉන්ද්‍රාණි රණවීර මහත්මියගේ තෙවන දියණිය වන නිලුෂී මහත්මිය මේ වනවිට 42 වන වියෙහි පසුවන්නීය.
ඇය අමෙරිකාවේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අප පුවත් පතට අදහස් දැක්වූ අතර මෙහිදී තමන්ට මෙවන් ස්ථානයක් කරා ළඟාවීමට මග පෑදූ මව , පියා මෙන්ම විදූෂි සහ මහීෂි යන වැඩිමහල් සොයුරියන් දෙදෙනාත් , තම මාමා ගුණසිරි සිල්වා මහතා සහ නැන්දා අනෝමා ලියනපතිරණ මහත්මිය මෙන්ම ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි නෙලී හෙලන් මව්තුමිය සහ තම ආත්ම විශ්වාසය ගොඩනැගු යසෝදරා බාලිකාවේ විදුහල්පතිනියකව සිටි සද්ධා අබේසේකර මහත්මියත් දැඩි භක්තියෙන් යුතුව සිහිපත් කර සිටින බවත් ප්‍රකාශ කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...