ඉකුත් අගෝස්තු 22 දා සිට මේ දක්වා පිරිහෙන රුපියල රැුකගැනීම සඳහා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් වෙළෙඳපොළට මුදා හැර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙසේ විදේශ සංචිතයේ ඇති ඩොලර් විකුණමින් රුපියල රැුක ගත්තත් පසුගිය මහින්ද රාජපක්ෂ රජයට වඩා ඇමරිකානු ඩොලරයකට අප ගෙවිය යුතු අගය රුපියල් 51 කින් මේ වන විට ඉහළ ගොස්, ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 182 දක්වා ඉහළ ගොස් ඇතැයි ද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කීවේය.
ඇමර්සන් වනයේ ඇති වූ ගින්නටත් වඩා ලංකාවේ ආර්ථිකයේ ඇති වී තිබෙන මේ ගින්න දරුණු එකක් බවත්, ඒ අනුව එම ගින්න ස`දහා ප‍්‍රංශය විසින් බ‍්‍රසීලයට දෙන්න පොරොන්දු වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 22 ක් පමණක් බවත් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
ලංකා ආර්ථිකයේ ඇති වී තිබෙන ගින්න මෙලෙස විදේශ සංචිතයේ තිබෙන ඩොලර් වෙළෙඳපොළට මුදා හැරීමෙන් නිවිය හැකි ද යන්න ප‍්‍රශ්නයක් බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මේ තත්ත්වය හමුවේ ලංකාවේ රජයේ සුරැුකුම්පත්වල ඇති විදේශ ආයෝජන ද රටින් පිට වීමට පටන් ගෙන ඇතැයි ද මේ විනිමය අර්බුදය ගැන රජය ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර පියවර ගැනීමක් සිදු නොවන බැවින් මේ අර්බුදයෙන් සමස්ත ලාංකීය ජනයාම පීඩාවට පත් වෙමින් සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...