පසුගිය දිනක සාදයක් අතරතුර මගෙ මිතුරකු සමග දේශපාලන සංවාදයක් ඇති විය. අපට සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයක් දේශපාලන ක්‍රමයක් හා නීති පද්ධතියක් ඇති විය යුතු බවත් වර්තමානයේ සිටින කිසිදු දේශපාලනඥයකුට ඒ සඳහා අවංක උවමනාවක් නැති බවත් මගෙ පාර්ශ්වයේ තර්කයයි. දේශපාලන පක්ෂ ක්‍රමය විසින් සිංහලයාගේ ජාතිකත්වය විනාශ කොට බෙදා වෙන් කොට ඇත.
මගේ මිතුරා මට එකඟ වෙයි. එහෙත් ඔහු ඉන් නොනැවතෙයි.
” මං එකඟයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් ඕනෑ. මේ පක්ෂ දේශපාලනය පිළුණු වෙලා . අපි මේ හැම එකාවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ”
”ඉතින් ඇයි ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ.ඇයි ඒ වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් කැප නොවන්නේ ඇයි”
” තාම ඒක කරන්න බෑ. 2020 ජනාධිපතිවරණය තීරණාත්මකයි. රනිල් ඇතුළු යූඇන්පිය කොහොම හරි ගෙදර අරින්න ඕනේ. මේ වෙලාවෙ අපි පොහොට්ටුවට විරුද්ධ වුණොත් සිංහල ඡන්ද කැඩිලා, බෙදුම්වාදීන්ට බටහිර ගැත්තන්ට වාසි වෙනවා.”
”හරි මේ පාර බෑ කියමු. ඔය කියන ජාතික බලවේගයක් හදන්න කොච්චර කල් යයිද?”
”අවුරුදු පහක්, දහයක් කැපවුණොත් පුළුවන් ..”
”හරි, අවුරුදු පහකට හරි දහයකට කලින් ජනාධිපතිවරණයේදි උඹ මොකද කළේ. එදා සටනත් තීරණාත්මකයි. 2010 දි මහින්ද – ෆොන්සේකා 2015 දී සිරිසේන- මහින්ද යුගලයෙන් කවුරු හරි තෝරා ගන්න ඕනේ. රට පැත්තේ නම් මහින්ද එක්ක හිට ගන්න ඕනේ.”
අපේ ජාතික ව්‍යාපාරය තුළ සිටින බොහෝ දෙනාගේ නිද්‍රාශීලී හැසිරීම මෙයට වෙනස් නොවේ. ජනාධිපතිවරණය කට ළගට පැමිණි විට දේශප්‍රේමී හා දේශද්‍රෝහී සරල රේඛාවෙන් සියල්ල කළු සුදු ලෙස වෙන් කරයි. ඕනෑම මැතිවරණයක් රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක වේ. බලයට පත් වෙන ආණ්ඩුවකට සියල්ල පාවා දී රට විනාශයට පත් කිරීමේ හැකියාව ඇත. එහෙයින් තීරණාත්මක නොවන මැතිවරණයක් එන තෙක් බලා සිටින ජාතික ව්‍යාපාරයට ‘අබ සරණයි’ කීම හැර වෙන කිසිවක් කිව හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් හැදීම ගැන කතා කිරීම හැර ඒ වෙනුවෙන් කෙරෙන යමක් නැත. අවසානයේ දී තවත් අවුරුදු පහක් හෝ දහයක් ගියත් ජාතික ව්‍යාපාරයට හිමි වන්නේ හොඳම ජොකියාට කඩේ යන්න පමණි.
ජාතික ව්‍යාපාරය තුළ සිටින බොහෝ දෙනාට සිංහල බෞද්ධත්වය යනු 09 වෙනි ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම හා ඒකීය රාජ්‍යය රැකීම පමණකි. එය ඉක්මවා ගිය සිංහල බෞද්ධ ආර්ථිකයක් , දේශපාලන ක්‍රමයක් නීති පද්ධතියක් ඔවුහු නොදනිති. ආර්‍යුවේද වෙදකම යනු සිංහල වෙදකම යැයි හිතන, උත්තර භාරතයේ රාගධාරී සංගීතය අපේ කලාව යැයි හිතන තරමට කුරුවල් වූ පරිසරයක බ්‍රිතාන්‍යයන් විසින් උරුම කරන ලද කුණු වූ පක්ෂ ක්‍රමයකින් පත්වන ජනාධිපතිවරයකුට හෝ පාර්ලිමේන්තුවකට කළ හැක්කේ සිංහල බෞද්ධයා මුළා කිරීම පමණි.
අද වන විට ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට හිමි අවසාන සරණ මහින්ද රාජපක්ෂයි. යුද ජයග්‍රහණය සමග ලබා ගත් ප්‍රතිරූපය හා ගෞරවය හේතුවෙන් ජාතික ව්‍යාපාරයට ඔහු මග හැරිය නොහැකි සාධකයක් බවට පත්ව ඇත. හැත්තෑව දශකයේදි සාරි පොටේ එල්ලුනු කොමියුනිස්ට් සහ මාක්ස්වාදී පක්ෂවලට අත්වුණ ඉරණම සාටකයේ එල්ලී සිටින ජාතික ව්‍යාපාරයටද හිමිවන අනාගතයයි.
මේ ජාතික ව්‍යාපාරයට හිමි අවසාන අවස්ථාවයි. ඉන් අදහස් කරන්නේ දුර්දාන්ත යූඇන්පී පාලනය පෙරළා නොදැමුවහොත් ජාතියේ විනාශය සිදුවන බව කීමට නොවේ. තමන්ගෙම සටන් බිමක , තමන්ගේම ප්‍රතිපත්ති වෙනුවෙන් හිට ගැනීම නොකර වෙන කොහේ හෝ ජොකියෙකුට කඩේ යෑමට ජාතික ව්‍යාපාරයට ලැබෙන අවසන් අවස්ථාව බවයි. මුස්ලිම් අන්තවාදයට, රටෙ බෙදීමට එරෙහිව භූමි පුත්‍ර අයිතිය වෙනුවෙන් වේදිකාවේ කෑමොර දී, මැතිවරණයේදි සුළු ජාතික චන්ද අහිමි වේ යැයි යන මිථ්‍යාව වැලඳ ගැනීම ජාතික ව්‍යාපාරයේ වගකීම නොවේ.
ජනතාව ඉල්ලා සිටින්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියන සියලු දේශපාලන කුඩුකේඩුකාරයන් ප්‍රතික්ෂේප කරන, රටට ආදරය කරන ව්‍යාපාරයකි. මෙරට ජාතිකවාදී බලවේගය පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ බටහිර ගැති නිවට දේශපාලනය ප්‍රතික්ෂේප කරති. එසේම ඔවුහු මහින්ද රාජපක්ෂගේ යුගයේ අශෝභන ලැජ්ජා සහගත හැසිරීම් සහ නාස්තිය වංචාව පිළිකුල් කරති. නිරාගමික භෞතිකවාදීන්ට යටවූ ජවිපෙට සංස්කෘතික අගයන් නැත.
මේ රට සිංහල බෞද්ධ රටක් යැයි විශ්වාස කරන ජනතා බලවේගයක් තිබේ. ඔවුන්ගේ හදවතට ඒ ආස්වාදය හොඳින් ස්පර්ශ වේ. යූඇන්පී , ශ්‍රී ලංකා පොහොට්ටු හා ජවිපෙ පාඨවලින් යටපත් කළද ඒ උදාරතර හැඟීම් හා විශ්වාසය මුලිනුපුටා දැමිය නොහැක. ප්‍රශ්නය වන්නේ ඒ බලවේගයට නායකත්වය දීමට හිසක් නොමැති වීමයි. චම්පිකලා රතන හිමියන් විසින් මහ දවල් මංකොල්ලකන ලද්දේ ඒ ජාතික බලවේගයේ අපේක්ෂාවයි.ඉච්චා භංගත්වයට හා මග පෙන්වීමක් නොමැතිව මංමුළාවූ ජාතික බලවේගය සාක්කුවට දාගෙන එය අවසානයේ බන්දේසියක තබා පූජා කිරීමට හෝ විකිණීමට ජාතික ව්‍යාපාරයට අයිතියක් නොමැත. චම්පිකලා රතන හිමි කළා සේ තව තවත් එය කුරුවල් කොට මොට කිරීමට වඩා නිදැල්ලේ හැරීම ජාතියට කරන උදවුවකි.
ජාතික ව්‍යාපාරයට තමන්ගේ කකුල් දෙකෙන් හිට ගැනීමට ඇති විශාලතම බාධාව මානසික වශයෙන් ඇති කරගත් දීන බවයි. ජාතික බලවේගයේ ශක්තිය පිළිබඳව මනා තක්සේරුවක් නොමැති වීමයි. අවුරුදු හතළිහක් දේශපාලනය කර තවමත් ආණ්ඩු බලයක මානයකටවත් නොපැමිණි ජවිපෙන් ජාතික ව්‍යාපාරයට උගත හැකි දේ බොහෝය.
දිගින් දිගටම ලබන පරාජයන් ඉදිරියේ නොවැටී තම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම ළඟ ආතල්වලින් උද්දාමයට පත්වීමට වඩා ජාතික ව්‍යාපාරයට තිබිය යුතු උට්ඨාන වීර්‍යයේ කොටසකි. ජවිපෙ මාක්ස්වාදී මතවාදයට මෙරට ඇත්තේ අවුරුදු 100 කට අඩු ඉතිහාසයකි. සිංහල බෞද්ධයාගේ උරුමය වසර දෙදහස් පන්සියයකට එහා යයි. තමන් කම්කරුවකු යැයි, විශ්වාස කරන පංති විඤ්ඤාණයක් මෙරට නැත. එහෙත් තමන් සිංහල බෞද්ධයෙක් යැයි හිතෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය විශ්වාස කරන සරල බව අපිස් බව ගුරු කොටගත් පිරිස මේ සමාජයේ බහුතරයකි. ජවිපෙට හම්බන්තොට, ගාල්ල, කොළඹ බස්නාහිර යම් සංවිධානාත්මක දේශපාලන හයියක් ඇත. ගම් 14000ක රට පුරා විසිරුණු පන්සල් පද්ධතියක්, දහම් පාසල් ගුරුවරුන් දරුවන් ජාතික ව්‍යාපාරයේ අවධානයට ලක්ව නොමැත. අවසාන වශයෙන් ,පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලංකාවෙන්ම සියයට පහක් ඡන්ද ලබා ගත් ජවිපෙට මන්ත්‍රී ධුර 443 ක් ලැබුණි. එයින් 442 ක්ම ලැයිස්තුවෙන් ලැබුණු ඒවා වේ. සියයට 70%ක් සිංහල බෞද්ධයන් සිටින රටේ ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු පංගුව කුමක් විය යුතුද?
සියල්ල තිබුණත් අපට නැත්තේ ස්වාධීනව හිට ගැනීමට තීරණය කළ නොහැකි අභීත නායකත්වයක් පමණි. ප්‍රධාන පක්ෂවල නායකයන්ට මුක්කු ගසන , දියාරු පුද්ගල චරිතවලට ඉදිරියේදී ජාතිකත්වයේ සළු අහිමි වනු ඇත. විකල්පයක් නැත්නම් ,මෙවර එයට සමාවක් හිමිවනු ඇත. එහෙත් හෙට දවසේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අද දවසේ කාවන්තිස්ස මෙහෙවරට කැප නොවුවහොත් 2025 දී ඔවුනට හිමිවනුයේ ඉතිහාසයේ කුණුගොඩ පමණි. එහෙයින් 2019 ජාතික ව්‍යාපාරයට කඩේ යෑමට ලැබෙන අවසන් අවස්ථාවයි.
••නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...