මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (06) අත්සන් තැබී ය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.
හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරු ව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...