දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙද්දී ස්ථාන කිහිපයකින්ම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවී තිබෙන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ අද (10) දින තුළ දහවල් 12.00 වන විට මැතිවරණ දිනයේ පැමිණිලි 25 ක් ලැබී තිබෙන බවයි.

මඩකලපුව ප්‍රදේශයේදී ඡන්ද අපේක්ෂකයෙකුගේ වාහනයකට කිසියම් පිරිසක් ගිනිතබා ඇත.
රඹුක්කන ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට පහරදීමක් ගැන වාර්තාවේ.

නාවලපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දපොළ නියෝජිතයෙකුගේ අත්දෙකට පහරදී තුවාද සිදුකර තිබේ
පුත්තලම ප්‍රදේශයේ දී ඡන්ද අපේක්ෂකයෙකුගේ වාහනයකට පහරදී අලාභ හානි සිදුකර ඇත.

මීට අමතරව දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීම විවිධ භාණ්ඩ බෙදීම ඇතුළු සිද්ධි කිහිපයක්ම වාර්තා වන බවද පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More