ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ගමන්ගන්නා ගුවන් යානයට පාකිස්ථාන ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩදෙන ලෙස ඉන්දියාව සිදුකළ ඉල්ලීම, පාකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය ජනාධිපතිවරයා හෙට(08) සහ අනිද්දා දිනයන්හි අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය සහ ස්ලෝවේනියාවේ සිදුකිරීමට නියමිත සංචාරය වෙනුවෙන් පාකිස්ථාන ගුවන් සීමාව භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඉන්දියාව, අසල්වැසි පාකිස්ථානයෙන් ඉල්ලා තිබිණි.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාහ් මොහොමුද් කුරේෂි ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ මෑතකාලීස හැසිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.
ඉන්දියාවේ කාෂ්මීරය කේන්ද්‍රකර ගනිමින් ඇතිව තිබූ ඉන්දු පාකිස්ථාන ගැටුම්කාරී තත්වය පසුගිය දිනවල උත්සන්නව තිබිණි. කාෂ්මීරයේ පාලනය ඉන්දීය මධ්‍යම රජය යටතට ගැනීමත් සමඟ මතභේදකාරී වාතාවරණය ගැටුම් දක්වා වර්ධනය වී තිබිණි.
කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ ඉන්දීය ජනාධිපතිවරයාගේ සංචාරක ගමන්මග වෙනස් වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...