හිට්ලර් ගැන අලූතෙන් කියන්න දෙයක් නෑනෙ. කවුරුත් දන්නව හිට්ලර් කියපු කරපු දේවල් ඒත් දෙවැනි ලෝක යුද්ධය දිනුවම හිට්ලර් යන නාසි පක්ෂය කරන්න හිටිය දේවල් මොනවද? යුද්ධය ජයග‍්‍රහණය කලේ නම් මුළු ලෝකයේම වෙනසක් කරන්න ඔවුන්ගේ සැලසුමක් තිබුණු බව දැන් අනාවරණය වෙලා තියෙනවා. මේ අතරින් කරුණු 10 ක් විතරයි. මේ ටික වුනත් සිදුවුණානම් අද ලෝකය කෙසේ වනු ඇත්දැයි මදක් සිතා බලන්න.
ඇමරිකාවේ ක‍්‍රියාත්මක වූ ඇමරිකන් ස්වදේශිකයන්ගේ ප‍්‍රබල සංවිධානයක් වූ ඇමරිකන් ඉන්දියන් සම්මේලනය හිට්ලර්ගේ නාසි පක්ෂය අතර සමීප සබ`දතාවක් තිබුණා. මේ ඔස්සේ ඇමරිකන් ස්වදේශිකයන් හිතවාදීන් කර ගන්නා මනසින් කටයුතු කළ ජාතියක් නොවේ.ඇතැම් ඇමරිකන් ස්වදේශිකයන් නාසි භටයන් විදිහටත් කටයුතු කර තිබෙනවා. නාසි හමුදාව ඇමරිකාවට ඇතුල් වන විට ඔවුන්ට එක්වීමට හත්ලක්ෂ පනස්දහසක (750,000* ඇමරිකන් ස්වදේශික හමුදාවක් සූදානමින් සිටි බවත් කියවෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කොහොම වෙතත් ජර්මනිය ඇමරිකාව යටත් කර ගතහොත් එහි පාලනය ස්වදේශිකයන්ට භාර දීමට සැලසුමක් තිබුණේලූ.
පොලොවට කිලෝමීටර් 35,000 ක් උසින් කිලෝමීටර් 1.6ක විහ්කම්භයකින් යුත් දර්පණයක් සවිකිරීමට නාසීන්ගේ සැලසුමක් තිබුණෙුලූ. එහි අරමුණ වුණේ කිසියම් රටක් ප‍්‍රදේශයක් තම අණට අකීකරු වුවහොත් ඒ වෙතට දර්පණය යොමු කර එසැණින් සූර්්‍යය රශ්මිය පතිත කර එම රට හෝ එම ප‍්‍රදේශය විනාශ කර දැමීමයි. මෙය කළ හැකි දෙයක් දැයි ඔබටත් සැකයක් ඇති විය හැකි අතර, මේ ව්‍යාපෘතියේ ප‍්‍රධානියා වූ හර්මන් ඔෙබින් නැමැත්තා එය තරයේ විශ්වාස කල බව කියවෙනවා. ඒ නිසා ඔහු යුද්ධය පරාද වූ පසු එම ව්‍යාපෘතියේ සැලැස්ම ඇමරිකාවට ලබා දී එය ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ කර තිබෙනවා. එහෙම වුණානම්, අද ලෝක භූ දේශපාලනය කොහොම තියෙයිද?
ජර්මනිය දෙවනි ලෝක යුද්ධෙදි හිට්ලර් ප‍්‍රමුඛ නාසි හමුදාවේ ප‍්‍රධාන හවුල්කරුවෙකි. මේ නිසා යුද්ධය කල ජපානයටත් ඔවුන්ගේම න්‍යාය පත‍්‍රයක් තිබුණා. ඒ අනුව නැගෙනහිර ආසියාවේ පාලනය හිමි වන්නට තිබුණේ ජපානයට. ඔවුන් එය හැදින්වූයේ නැගෙනහිර ආසියාවේ ඒකාබද්ධ සමෘද්ධිමත් කලාපයක් කිරීම කියලයි. ඒ අනුව ආසියානු රටවල් පමනක් නොවෙයි ඔස්ටේරලියාව, නවසීලන්තය වගේ රටවලූත් ජපානයේ පාලනය යටතට ගැනීමයි ඔවුන්ගේ සැලසුම වූයේ.
ජපානය තමන්ගේ යුධ හවුල්කරුවෙකු වුවත්, යම් දවසක තමන්ට තර්ජනයක් වන්නට හැකි බව හිට්ලර් තේරුම් අරන් තිබුණා. ඒ නිසා ජපන් අධිරාජ්‍යයත්, යුරෝපයත් වෙන් වන සීමාවේ මහා මිනිස් ප‍්‍රාකාරයක් ඇති කිරීමට හිට්ලර්ගේ සැලසුමක් තිබුණේලූ. ඒ අනුව හැකි තරම් ජර්මාණුවන් එම දේශසීමාවේ පදිංචිකරවීම හැකි තරම් දරුවන් හදන්නට ඔවුන්ව යොමු කිරීම මගින් දේශසීමාවේ ජර්මාණු ජනගහනය වැඩි කිරීම මෙම සැලසුමයි. වසර දොලහක් නාසි හමුදාවේ සේවය ඉකල සෙබළුන්ට ගිනි අවියක් හා ගොවිපලක් ලබා දී මෙම ව්‍යාපෘතියට යෙදවීම නාසින්ගේ සැලසුම වූයේලූ. මෙහි විශේෂ කාරණය වන්නේ එම සෙබළුදේශ සීමාවට ගතයුත්තේ තම බිරින්දෑවරුන් නිවසේ රදවා තනිවම වීමයි. හිට්ලර්ගේ නියෝගය වී ඇත්තේ ජර්මන් සෙබළු එම ප‍්‍රදේශ වල සිටින ඒ ඒ රට වලට අයත් කාන්තාවන් තම අඹුකමට ගෙන දරුවන් සෑදිය යුතු බවයි. එමගින් ඔහ් අපේක්ෂා කර ඇත්තේ දෙමුහුන් ජර්මන් පරපුරක් ඇති කිරීමලූ.
ඇමරිකානු ස්වදේශිකයන්ට පෞද්ගලිකව කුමක් කීවද හිට්ලර් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණේ ඇමරිකාව ආක‍්‍රමණයට අදහසක් නොමැති බවයි. ඔහුගේ අපේක්ෂාව වූයේ ඒ හරහා බි‍්‍රතාන්‍ය ඇමරිකාව ආක‍්‍රමණය කරනු ඇති බවයි. කෙසේ හෝ මේ රටවල් දෙකෙන් එකක් නැති වී යා යුතු බව ඔහුගේ අපේක්ෂාව වී තිබුණා.
නාසින්ගේ සැලසුම වූයේ සෑම යුදෙව් ජාතිකයෙකුම ඝාතනය කිරීම. ඒ සැලසුම එතැනින් නැවතුණේ නැත. නැගෙනහිර යුරෝපයේ ජනතාව වහලූන් ලෙස සේවයේ යෙදවීම එහි ඉදිරි පියවරකි. යුද්ධය අවසන් වන විට එය තරමක් දුරට අවබෝද වී තිබුණා. නාසීන්ගේ සැලසුම වූයේ යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු බිලියන 31 ක නැගෙනහිර යුරෝපා ජනතාවක් වහලූන් ලෙස සයිබීරියාවේ ශ‍්‍රම ක`දවුරු වෙත යෙදවීම හා තවත් පිරිසක් ඇමරිකාවේ වහල් වෙළඳාමට යෙදවීමයි. ඒ වෙනුවට මිලියන 10 ක ජර්මාණුවන්ට එහි පදිංචිය ලබා දෙනවා. එම භූමියෙන් ඉවත් කිරීම යටතේ වසර 30ක් ඇතුලත මිලියන 50ක ජනතාවක් වහල් කදවුරු වෙත ගාල්කිරීම හෝ ඝාතනය කිරීම නාසීන්ගේ අරමුණ වී තිබුණේලූ.
යුද්ධය ආරම්භ වීමටත් පෙර 1938 දී හිට්ලර් බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිට කියා ඇත්තේ මහත්මා ගාන්ධිට වෙඩි තබා ඝාතනය කරන ලෙසයි. එමගින්ද ඉන්දීය ජාත්ක ව්‍යාපෘතිය මැඩලීමට නොහැකිනම්, එහි තවත් නායකයන් පිරිසක් ඝාතනය කරන ලෙසත් හිට්ලර් බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යවරයාට උපදෙස් දුන්නේලූ. හිට්ලර්ගේ අදහස වූයේ ඉන්දියානුවන්ද පහත් ජාතියක් වන අතර ඔවුන්ද ආර්්‍යයන් ( හිට්ලර්ගේ අදහස වූයේ පිරිසිදු එකම ජාතිය ජර්මාණුවන් වන අතර ඔවුන් ආර්්‍යයන් වන බවයි.* යටතේ සිටිය යුතු බවයි. යුද්ධය ජයගත්තේ නම්, හිට්ලර්ගේ මෙම අදහස ක‍්‍රියාත්මක නොකර සිටිනු ඇත්දැයි කිව හැක්කේ කාටද?
හිට්ලර් මුලදී බි‍්‍රතාන්‍ය කෙරෙහි කිසියම් මිතුරු ආකල්පයක සිටියත් ඔවුන් යටත් නොවීම නිසා පසුව ඒ ආකල්පය වෙනස් වී ගියා. මේ නිසා බි‍්‍රතාන්‍යයන් විනාශකර දැමීමත් ඔහුගේ පසුකාලීන සැලසුම් වලට ඇතුලත් වුණා. ඒ අනුව යුද්ධය ජය ලැබුවේනම් බි‍්‍රතාන්‍යයේ වයස අවුරුදු 17 – 45 අතර සියළු දෙනා වහල් සෙවයට යොදවා ගැනීමට ඔවුන් අදහස් කර තිබුණේලූ. ඊට විරුද්ධ වන සියළුදෙනා ඝාතනය කිරීමටත්, කෙසේ හෝ බි‍්‍රතාන්‍ය වැසියන්ගේ 20% ඝාතනය කළ යුතු බවටත් හෙන්රික් හිමිලර් සැළසුම් කර තිබුණේලූ.
හිට්ලර් හා හෙන්රික් හිට්ලර් යන දෙදෙනාම ක‍්‍රිස්තියානි ධර්මයට වඩා ඉස්ලාම් දහමට කැමැත්තක් දැක්වූවන්. ආරම්භයේදී නාසීන්ගේ සැලසුම වී තිබුණේ යුද්ධය ජය ගැනීමෙන් පසු මැදපෙරදිග ඊතාලියට ලබා දීමටයි. එහෙත් යුද්ධය අතර මැදදී හිට්ලර් ජෙරුසෙලමේ ප‍්‍රධාන පූජකයෙකු වූ හජ් අමීන් අල් හුසේන්ට පවසා තිබුනේ මැදපෙරදිග ඔවුන්ට යටත් කරවීමට සූදානම් බවයි. හජ් අමීන් අල් හුසේන්ට අවශ්‍ය වූයේ බි‍්‍රතාන්‍යයට එරෙහි යුද්ධයක් වුවත් ඒ ස`දහා රුසියාව යටත් කරගන්නා තෙක් ඉවසන ලෙස හිට්ලර් ඔහුට පැවසුවේලූ. කෙසේ වෙතත් පලස්තීනයේ සිටින යුදෙවුවන් සමූල ඝාතනය කිරීමට දෙදෙනාම එක`ගතාවකට පැමිණ සිටියේලූ.
හෙන්රික් හිට්ලර් – යොහෝවාගේ සාක්ෂිකරුවන් ලබ්දිය ඇදහූවන් දස දහස් ගණනින් ඝාතනය කරවූ නමුත් ඒ ඇදහීමට ඔහුගේ විශේෂ කැමැත්තක් තිබී ඇති බන කියවෙනවා. ඒ අනුව යුද්ධය ජය ගැනීමෙන් පසු නැගෙනහිර යුරෝපය පුරා එකී ආගම පතුරුවා හැරීමට ඔවුන් සැලසුම් කර තිබුණේලූ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...