පුරවැසි කොලම

චමිල්ක දිල්ශාන් අතුකෝරාල
ඉතිහාසය අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඉන්දීය ඉතිහාසය තුළ කාන්තා රණකාමී චරිත පිළිබඳ අසන්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. 1857 දී ඉන්දියානුවන් මෙහෙය වූ පළමු නිදහස්‌ අරගලයේ ප්‍රධාන භූමිකාවක්‌ ජාන්සිහි රාණි ලක්‌ෂ්මි බායි විසින් ඉටුකරන ලදී. බ්‍රිතාන්‍යයන්ට මහත් අභියෝගයක්‌ වෙමින් ඉන්දීය පළමු නිදහස්‌ අරගලයේ ප්‍රධානතම ක්‍රියාකාරිනිය ලෙස තම මාතෘභූමිය ආරක්‌ෂා කරනු පිණිස කටයුතු කළ ඇය 1835 නොවැම්බර් මස 19 වැනි දින වාරාණාසි ප්‍රදේශයේ උපත ලැබී ය. ඉතා උසස්‌ කුලීන පවුලක උපන් ඇය කුඩා කල හැඳින්වූයේ ‘මනිකර්නිකා’ යන නාමයෙනි. කුඩා අවදියේ ම තම මවගේ වියෝවත් සමඟ පියාගේ සෙවණේ හැදී වැඩුන ඈ තම නිවසේදී ම අධ්‍යාපන කටයුතුවල නිරත විය. ආත්මාරක්‌ෂක සටන් ක්‍රම මෙන් ම අසුන් හැසිරවීම, කඩු ශිල්ප, ඉලක්‌කයට වෙඩි තැබීම ආදී ශිල්ප ඉතා විශිෂ්ට ලෙස ප්‍රගුණ කළ ඈ කුඩා කල සිට ම අනාගත රණකාමී චරිතයක මූලික අඩිතාලම දැමී ය.

1842 දී ඇය ජාන්සි හි මහාරාජා වූ රාජාගන්ධදාර් රාඕ ෂිවල්කාර් හා විවාහ විය. ඉන් පසුව ඇය ‘රාණි ලක්‌ෂ්මි බායි’ ලෙස හඳුන්වන ලදී. දරුවෙක්‌ ලද නමුත් කුඩා කලදී ම හේ මියයාමත් සමඟ වෙනත් දරුවකු හදාවඩා ගත් අතර ඔහු ‘දමොදර් රාඕ’ නම් විය. නමුත් දරුවාගේ වියෝව හේතුවෙන් දැඩි පීඩාවකට ලක්‌ වූ රාජාගන්ධදාර් කෙටි කලකින් මරණයට පත් විය. දමොදර් රාඕට නියම රාජ්‍ය උරුමයක්‌ නැතැයි පවසමින් බ්‍රිතාන්‍යයෝ ජාන්සි හි සිහසුනට හිමිනම් කීමට සැරසුන අතර බ්‍රිතාන්‍යයන් රාණි ලක්‌ෂ්මි බායිව බළකොටුවෙන් ඉවත්කර ඇයට විශාම වැටුපක්‌ ලබාදීමට සූදානම් විය. නමුත් එයට එකහෙළාම විරුද්ධ වූ රාණි

රැජිණ බ්‍රිතාන්‍ය ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි සිතා බළකොටුව තුළ ආරක්‌ෂාව ඉහළ දමන ලදී. මුර කුටි, මුර අගල් ආදිය ශක්‌තිමත් කළ අතර සෙබළ පිරිස්‌ ද ඉහළ නංවන ලදී. එපමණක්‌ නොව කාන්තාවන් උදෙසා ද යුද ශිල්පය පුහුණු කරවන ලදී. ඈ සතුව ඉතා ම ශක්‌තිමත් කාන්තා ආරක්‌ෂක කණ්‌ඩායමක්‌ සිටි බව ද සඳහන් ය.

මේ සමය වන විට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඉන්දියාව තුළ ජනතා නැඟිටීමක්‌ ආරම්භ වෙමින් පැවතුණි. 1857 මැයි 10 දින දිල්ලියට නුදුරු මිරුත් හි බ්‍රිතාන්‍ය විරෝධී අරගලය ආරම්භ විය. නානා සහීබ් හා තන්තියා තෝපි එක්‌ව බ්‍රිතාන්‍ය කාන්තාවන් හා ළමුන් විශාල ප්‍රමාණයක්‌ ඝාතනය කරන ලදී. නමුත් පසුව බ්‍රිතාන්‍යයන් අතින් පරාජය වූ මෙම පිරිසේ තන්තියා තෝපි, ජාන්සි හි රාණි ලක්‌ෂ්මි බායි සමඟ එක්‌ව සටන් කිරීමට කටයුතු කළේ ය. 1857 වර්ෂයේ අග මාස කිහිපය තුළ දේශීය පාලකයන් කිහිප දෙනෙක්‌ රාණි රැජිණ හා සටන් වැදුන අතර ඒවායින් ඈ විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය සෙබළුන් 1858 ජනවාරි මාසයේ දී රාණි ලක්‌ෂ්මි බායිට එරෙහිව ජාන්සි වෙත ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ අතර ඒ බ්‍රිතාන්‍ය ජාතික සෙන්පති සර් හ්‍යුරෝස්‌ගේ නායකත්වයෙනි. මෙහි දී බ්‍රිතාන්‍ය සෙබළුන් ජයග්‍රාහී මාවතට පිවිසි නමුත් රාණි රැජිණ කිසිම විටෙක ඔවුනට යටත් නොවී ය. සති ගණනාවක්‌ ඇඳී ගිය සටන්වලදී යුද සෙබළුන් මෙන් ම කාන්තා සෙබළියන් ද එකිනෙකා පරයා ඉන්දියානු භූමිය වෙනුවෙන් තම සේවය නොපිරිහෙළා ඉටුකරන ලදී. රාණි ලක්‌ෂ්මි බායි සටන්කාමීන්ට දිරිදෙමින් සටනේ මුල් පෙළ සටන් මෙහෙයවමින් බ්‍රිතාන්‍යයන් මහත් භීතියකට පත් කරවීය. බ්‍රිතාන්‍ය සෙන්පතිවරුන් ඇයගේ සටන්කාමීත්වය මහත් ප්‍රභාවත්ව වර්ණනා කරයි. නමුත් 1858 මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍යයන් ජාන්සි තම අණසකට නතු කරගත් අතර රාණි ලක්‌ෂ්මි බායි ඇතුළු පිරිස කල්පි ප්‍රදේශයට පසුබසින ලදී. නමුත් හ්‍යුරෝස්‌ කල්පිය ද තම අණසකට නතු කරගැනීමට සමත් විය. තන්තියා තෝපිත් රාණි ලක්‌ෂ්මි බායි රැජිණත් එක්‌ව ග්වාලියර්හි බ්‍රිතාන්‍ය හිතවාදි මහරාජාවරයා නෙරපා හැර තම අණසක එහි පිහිටුවීමට සමත් විය. නමුත් එහි සටන් පැවති දෙවන දිනයේ දී මේ යුද වීරවරිය මරණයට පත් වූ බව සඳහන් ය. 1857-1858 පළමු ඉන්දීය ජනතා නැඟිටීමේ දී එහි ප්‍රබල ම චරිතය බවට පත් වූයේ ජාන්සි හි රාණි ලක්‌ෂ්මි බායි රැජිණයි. ඉන්දීය ඉතිහාසඥයන් මෙන් ම බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයන් ද ඇය ඉන්දීය ඉතිහාසයේ නොමැක ෙන කාන්තා වීරවරියක්‌ බව අවිවාදයෙන් පිළිගනියි. හුදෙකලා කැරැල්ලක්‌ වීමත් පැවති අසංවිධානාත්මක ස්‌වරූපය නිසාත් මෙම කැරැල්ල අසාර්ථක වුව ද එහි එක්‌ ආංශික නායිකාවක්‌ වූ රාණි ලක්‌ෂ්මි බායි නාමය ඉන්දියානුවන් තුළ සදා ජීවමාන වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More