විදේශ පුවත්

ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටියි.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 02 වෙනිදා තුර්කියේ ඉස්තානබුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කොන්සියුලර් කාර්යාලය තුලදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන රුපවාහිනි වාර්තාමය වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් ඇතුළු රජ පවුලේ ක්‍රියාකාරකම් විවේචනය කරනු ලැබූ මාධ්‍යවේදියෙක් වන ජමාල් කෂෝගී තමන්ට එල්ලවූ තර්ජන හේතුවෙන් අමෙරිකාවේ ජිවත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ විශේෂාංග ලිපි ලියන්නෙක් ලෙසටද කටයුතු කරනු ලැබීය.

” එය සිදුවුයේ මගේ පාලනය යටතේ, එහි වගකීම මම භාර ගන්නවා. එය සිදුවුනේ මගේ පාලනය යටතේයි…” ජමාල් කෂෝගී ගේ ඝාතනයට වසරක් සපිරෙන ඔක්තෝම්බර් මස 01 වෙනිදා විකාශනය වීමට නියමිත රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව සඳහන් කර ඇත.

ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇතිවූ රාජතාන්ත්‍රික බලපෑම් මත එම අපරාධය සම්බන්ධයෙන් එරට නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සෞදි රජය පියවර ගනු ලැබීය.

මෙම අපරාධය සිදුවීමෙන් පසු සෞදියේ ඔටුන්න හිමිකුමරු කිසිදු අවස්ථාවක යුරෝපයේ හෝ අමෙරිකාවේ සංචාරයේ නිරත නොවීමද විශේෂ සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More