කාශ්මීරය සම්බන්ධයෙන් තම රට හා ඉන්දියාව අතර පවතින මත ගැටුම, හැම අතින්ම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි සිකුරාදා එක්සත් ජාතීන් හට අනතුරු හැඟවමින් කී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් එහි ප්‍රතිඵල මුළු ලෝකයටම අත්විඳින්නට සිදු වෙතැයි ද ප්‍රකාශ කළේය. විනාඩි 50 ක් පුරා ආවේගයෙන් කතා කළ ඉම්රාන් ඛාන්, ඉන්දියාව, මුස්ලිම් බහුතරයක් ඇති දේශයේ මහා ලේ වැගිරීමක් මුදා හරින්නට ඉඩ ඇතැයි කීවේ න්‍යෂ්ඨික අවිධාරී තම විරුද්ධවාදීන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම මධ්‍යයේ සිටියදීමය.
ව්‍යක්ත කථිකත්වයෙන් පිරි ඔහුගේ උණුසුම් කතාවට පැයකට කලින් සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කතාවට අතිශයින් වෙනස් එකක් වූයේය.
හින්දු ජාතික නායකයා තම රටේ සාර්ථකත්වය ගැන සෘජුව කතා කළද ත්‍රස්තවාදය පිළිබඳව වක්‍රව කතා කළේ පකිස්ථානය ඉලක්ක කර ගනිමිනි.
මෙම කතා පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලට පිටතින් එක් රැස්වූ දහස් ගණනක් ජනයා, මෝදිට පක්ෂව හා කාශ්මීරය යටත් කර ගැනීමට උත්සහ දැරීමට එරෙහිව ඔහුට විරෝධය පාමින් යන දෙආකාරයෙන්ම උද්ඝෝෂණයේ නිරත වෙද්දීය. මෙම උද්ඝෝෂණ අගෝස්තු මස මුලදී නවදිල්ලිය ඉතා අසීරුවෙන් කාශ්මීරයට අර්ධ ස්වයං පාලන තත්ත්වය පිරිනැමුනදා පටන් යටපත්ව තිබුණේය.
මර්ධනයට ප්‍රතිචාර ලෙස එරටේ බිහිවුණු හමුදා කණ්ඩායම් ප්‍රහාර එල්ල කරනා විට ඉන්දියා තමන්ගේ රටට ඒ ගැන දොස් කියන්නේ නම් පෙබරවාරියේදී දක්නට තිබූ ප්‍රාදේශීය විරුද්ධවාදීන් අතර සටන් නැවත ඇතිවිය හැකි බවටද ඉම්රාන් ඛාන් අනතුරු හැඟවූයේය.
“රටවල් දෙකක් අතර සාම්ප්‍රදායික යුද්ධයක් හට ගත්විට ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාව තිබෙනවා. එහෙත් තම අසල්වැසියාට වඩා හත් ගුණයක් කුඩා රටක් සටනට පොළඹවා ගත් විට ඔවුන් එක්කෝ යටත් විය යුතුය. නැතිනම් මියෙන තෙක් නිදහස වෙනුවෙන් සටන් කළ යුතුයි.” ඉම්රාන් ඛාන් පැවසීය.
“අපි කුමක් කරමුද? මා මෙම ප්‍රශ්නය මගෙන්ම අසා ගන්නවා.”
“අපි සටන් කරමු…. න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ රටක් අවසානය දක්වා සටන් වදින විට ඒ නිසා ඇතිවන ප්‍රතිඵල සීමාව ඉක්මවා යනවා” යයි ඉම්රාන් ඛාන් අනතුරු හඟවද්දී ඒ හැම වාරයකම අත්පොළසන් හඬ පැතුරුණේය. ප්‍රධාන වශයෙන් පාකිස්ථානු රාජ්‍ය නියෝජිතයන් අත්පොළසන් නැගූ අතර අනෙක් අය වරින් වර එසේ කළහ.
ලේ වැගිරීම
වරක් ඇඳිරි නීතිය පවා ඉවත් කළ විටකදී මිනිස් සංහාරයකට අර ඇඳීම පිළිබඳව 66 හැවිරිදි පකිස්ථානු නායකයා ඉන්දියානු හමුදාවලට චෝදනා කළේය.
“900,000ක හමුදාවක් ඇවිත් සිටිනවා. ඔවුන් ඇවිත් ඉන්නේ නරෙන්ද්‍ර මෝදි කියන ආකාරයෙන් කාෂ්මීරයේ සමෘද්ධිය උදා කරන්නට නොවෙයි.” ඉම්රාන් ඛාන් කීවේය.
“මේ නව ලක්ෂයක හමුදාව මොනවා කරන්නටද සැරසෙන්නේ ඔවුන් එළියට ආවිට? එවිට සිදු වන්නේ මහා ලේ වැගිරීමක්.”….. යයි ඉම්රාන් ඛාන් කීවේය.
කාෂ්මීරයේ ඉන්න හමුදාව කීදෙනකුගෙන් සමන්විත දැයි ඉන්දියාව පවසා නැත. එහෙත් ඉම්රාන් ඛාන් පවසන 900,000ක හමුදාව ඉන්දියානු හමුදාවෙන් තුනෙන් එකකට (1/3) සමානය.
කාෂ්මීරයේ සිටින හමුදා කණ්ඩායම්වලට ආයුධ හා මුදල් දෙමින් ඔවුන් පුහුණු කරන බවට පාකිස්ථානයට චෝදනා කරන ඉන්දියාව තවත් කරන්නේ සන්සුන් බව පවත්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම බව කියයි.
පකිස්ථානයට පක්ෂ උද්ඝෝෂකයින් “කාශ්මීරය නිදහස් කරව් ! ”….. “ප්‍රහාර නවතව් !! ” යනුවෙන් සඳහන් බැනර ප්‍රදර්ශනය කරමින් ඉන්නා අතර මෝදි හිතවාදී උද්ඝෝෂකයෝ ඉන්දියානු නායකයාට ජය පතමින් ඔහු දැක්මක් ඇති දූර්දර්ශී නායකයකු බව පැවසෙන බැනර ප්‍රදර්ශනය කරති. ඒ අතරම පාකිස්ථානය ඔබේ සුළු ජාතිකයින්ට සළකන්නේ මෙසේද? යනුවෙන් සඳහන් පුවරුද වේ.
ඉන්දියානු කාශ්මීරයේ උපත ලැබූ ගුරුවරියක වූ රොසීනා ඛාන් කියා සිටියේ ඇගේ 86 හැවිරිදි පියා සමග කතා කරන්නට හෝ ඔහුගේ දුක සැප සොයා බැලීමට තමාට අවසර නැති බවයි.
“කාෂ්මීරය සිර ගෙයක්, මේ වනවිට ලෝයේ ලොකුම සිපිරිගෙය කාෂ්මීරයයි” ඇය කීවාය.
“මගේ මොලය, මගේ හදවත, එහි ඉන්නා මගේ පවුලේ උදවිය සමග තිබෙන බවයි මට දැනෙන්නේ. මම මගේ රැකියාවට අවධානය දැක්විය යුතුයි. එහෙත් මා අවංකව ඔබට කියා සිටින්නේ සමහර විට මට ඒ ගැන හිතුනාම රැකියාවේ යෙදෙන අතර මම අඬා වැටෙනවා, මම වැළපෙනවා” කියාය.
ඉන්දියාවේ මින් පෙර ජම්මු හා කාෂ්මීර ජනපදයේ ග්‍රීෂ්ම අග නගරය වූ ශ්‍රී නගර් හි ඉන්දියානු හමුදා ආරක්‍ෂාව තරකර තිබිණ. නිව්යෝර්ක් නුවර සිටින නායකයන් දෙදෙනා වට කරගෙන ඉන්න උද්ඝෝෂකයන්ට බියෙන් සිකුරාදා දින අළුතෙන් තහංචි හා සීමා පනවනු ලැබිණ.
මෙම හමුදා, මහජන රැස්වීම් නවතනු සඳහා තමන්ට ලැබුණු නියෝග අනුව යමින් ජන ශූන්‍ය වීථිවල කොන්ක්‍රීට් බාධක හා කටු කම්බි බාධකද ඉදිකොට වෙඩි නොවදින ආරක්ෂක උපකරණද යොදමින් මුර කරනු ලැබුවේය.
“මම වුනත් තුවක්කුව අතට ගන්නවා.”
කාෂ්මීරයේ නව පරපුර අති ධාවනකාරී බවට හැරෙමින් ඉන්නා තත්ත්වයක් ඇතැයි පැවැසූ ඉම්රාන් ඛාන් එම තත්ත්වය අනුව තමාටද ආයුධ සියතට ගන්නට සිතෙතැයි කීවේය.
“මම දවස් 55 ක් හිරවෙලා හිටියා. මට කාන්තාවන් දූෂණය කරන බව කණ වැකුණා. ඉන්දියානු හමුදා නිවෙස්වලට වැදෙනවා.” තමා කාශ්මීර වැසියකු වේ නම් සිතෙන දේ ඔහු එසේ කීවේය.
“මේ වද හිංසා මැද මා ජීවත්විය යුතුද? එසේ මා ජීවත් විය යුතුද? මට හිතෙන්නේ තුවක්කුව අතට ගන්නටයි. ඔබ ජනතාවට බල කරනවා. ඔබ අති ධාවනකාරීව හැසිරෙන්නට ජනතාවට බලකරනවා.”
ඇන්ටෝනියෝ ගුටෙරෙස් කාශ්මීරය ගැන තම කනස්සල්ල පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පළකොට සාකච්ඡා ඇරඹිය යුතු බව කීවේයැයි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පසුව පැවසීය.
කාශ්මීර් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් දුරදිග යාමට ඇති හැකියාව පිළිබඳව ඇත්තෙන්ම ඔහු දැඩි සැලකිල්ලෙන් පසුවෙනවා යයිද ඩුජාරික් කීවේය.
දකුණු ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇලිස් වෙල්ස් බ්‍රහස්පතින්දා කියා සිටියේ කාශ්මීරයට පනවා ඇති තහංචි කඩිනමින් ලිහිල් කරන ලෙස වොෂින්ටනය නවදිල්ලියට බල කරන බවයි. ඒ සමගම ඉම්රාන් ඛාන් හට තම වාචාලකම් අඩු කර ගන්නා ලෙස පවසන බවද ඇලිස් වෙල්ස් කීවේය.
ඉන්දියාව බොහෝ කලක පටන් කාෂ්මීර ප්‍රශ්නය අන්තර්ජාතික කතිකාවලින් වළකාලන්නට උත්සාහ ගත් අතර මෝදිගේ කතාවේද ඒ ගැන කිසිවක් කීවේ නැත.
ඒ වෙනුවට ඉන්දියානු නායකයා කියන්නට තෝරා ගත්තේ වැසිකිළි පහසුකම් වර්ධනය, මිලියන ගණනක් ජනයාට බැංකු ගිණුම් ආරම්භ කරන්නට උපකාරී කිරීම වැනි එරටේ දේශීය ප්‍රතිපත්ති අරමුණු කරගත් කරුණුය. කෙසේ වුවද පාකිස්ථානය ගැන සඳහන් කිරීමෙන් වැළකී ඉන්නට උත්සාහ කළ ඔහු අනෙකුත් නායකයින්ට පැවසුවේ අප අයත් වන්නේ ලෝකයට යුද්ධය නොව බුදුරජාණන් වහන්සේගේ සාමයේ පණිවිඩය ලොවට දුන් රටකටයි යනුවෙනි.
“අප ත්‍රස්තවාදයට එරෙහිව හඬ නගන්නේ ඒ නිසයි. මේ දුෂ්ඨ වූත් කුරිරු වූත් වටපිටාව ගැන ලෝකය අවදියෙන් තබන්නයි” යයිද මෝදි කීවේය.
lankadipa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...