විදේශ පුවත්

චීන විලප්ලවයේ 70 වැනි සැමරුම ඉතා බලවත්, විචිත්‍රවත් සහ ගාම්භීර ලෙස පවත්වමින් ලෝකයේ බලවත්ම රාජ්‍ය චීන සමූහාණ්ඩුව බව ලෝකයටම පෙන්වා ඇත.

මහජන චීන සමූහාණ්ඩුවේ චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවී 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන හමුදා පෙළපාළිය ඇතුළු අභිමානවත් උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා අද (01දා) බීජිං නුවර ටියානන්මෙන් චතුරශ්‍රයේදී පැවති උත්සවය අමතමින් විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ෂී ජින්පිං,

“චීන ජනතාව තම දෙපයින් නැගීසිට, ජාතික පුනර්ජීවනයේ හරිත ගමන ආරම්භ කිරීමට සමත් වුණා. අද චීනය ලෝකයේ දොරටුවල සිටගෙන සිටින අතර, මේ ජාතියේ අත්තිවාරම් සොලවන්නට හැකි කිසිදු බලවේගයක් නැහැ. ඒ වගේම, චීන ජනතාව සහ චීන ජාතිය ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු බලවේගයකට හැකියාවක්ද නැහැ.”

අපේක්ෂා කළ පරිදි ෂී ජින්පිං විසින් එක්සත්බව හා සමෘද්ධිය පිළිබඳ පණිවිඩයක් සිය දේශනයෙන් ජනතාවට ලබාදෙන ලදී. ඔහු පොරොන්දු වන්නේ රජය “ජනතාවට මුල් තැන දෙන” බවත්, “යහපත් ජීවිතයක් සඳහා ජනතාවගේ අභිලාෂයන් සපුරාලන” බවත් ය.

වර්තමානයේදී චීනය ලෝකයේ දොරටුව අභියස සිටින බවත්, තම ජාතියේ අත්තිවාරම සෙලවීමට හැකි බලවේගයක් නොමැති අතර, චීන ජනතාව සහ චීන ජාතිය ඉදිරියට යෑම වැළැක්වීමට කිසිදු බලවේගයකට නොහැකි බවත් චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More