මහත්මා ගාන්ධිතුමන්ගේ 150වැනි ජන්ම දින සමරුව අදට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් වූ විශේෂ උත්සවයක් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලි අගනුවරදී පැවැත්විය.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක් මෙන්ම අවිහිංසාවාදයේ පියා ලෙසින් ද නම් වන මහත්මා ගාන්ධිතුමන්ගේ 150වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ඉන්දියාව පුරා උත්සව මාලාවක් පැවැත්විය.
එහි එක් ප්‍රධාන උත්සවයක් නවදිල්ලි අගනුවරදී පැවැත්වුණේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානීත්වයෙන්.
මෙම සුවිශේෂී අවස්ථාවට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඉන්දීය කොන්ග්‍රස් සභාපතිනී සෝනියා ගාන්ධි, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ සභික ලාල් ක්‍රෂ්ණ අද්වානි හා හිටපු අගමැතිවරයෙක් වූ මන්මෝහන් සිං ද එක්ව සිටියේය.
පාසල් සිසුන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසක් මේ අවස්ථාවට සහභාගිව සිටියි.
මෙහිදී සම්භාවනීය අමුත්තන් අතින් මහත්මා ගාන්ධි ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුවිය.
1869 වසරේ දී ඉන්දියාවේ උපන් මහත්මා ගාන්ධි ඉන්දීය නිදහස් සටනේ පෙරමුණ ගත් ඉතාමත් ආදර්ශමත් චරිතයක් ලෙසින් සැලකෙයි.
කෙසේ නමුත් සාහසික වෙඩි පහරින් 1948 වසරේ ජනවාරි මාසයේ 30වැනිදා මහත්මා ගාන්ධිතුමන් ඝාතනයට ලක්විය.
මේ අතර ගාන්ධි දිනයට සමගාමීව ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක් වූ ලාල් බහදුර් ශාස්ත්‍රිගේ ජන්මදිනය වෙනුවෙන්ද මෙහිදී තවත් උත්සවයක් පැවැත්විය.
ඒ සඳහාත් අගමැති මෝදි එක්ව සිටීම විශේෂත්වයක්.
Multi-faith prayers in New Delhi mark 150th birth anniversary of Mahatma Gandhi
Gepostet von Sputnik am Dienstag, 1. Oktober 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...