2003 සිට 2016 දක්වා රුසියානු මත්පැන් පානය 43% කින් අඩු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසයි. රජය විසින් ක්‍රියාත්මක කරන ලද මත්පැන් පාලනය කිරීමේ ක්‍රියාමාර්ග මාලාවක් මෙසේ මත්පැන් පානය පහත වැටීමට හේතු වී ඇති බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.
රුසියාව මීට පෙර ලෝකයේ අධික ලෙස මත් පැන් පානය කරන රටක් ලෙස සලකනු ලැබූ බවත් මත්පැන් පානය අඩුවීම හේතුවෙන් එරට ජවතාවගේ ආයු අපේක්ෂාවේ සැලකිය යුතු වර්ධනයක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන් වැඩ කරන වයස් කාණ්ඩයේ පිරිමින් අතර මරණ අනුපාතය වැඩිවීමට ප්‍රධාන සාධකයක් ලෙස දිගු කලක සිට මෙම මත්පැන් උවදුර බලපෑ බව රුසියානු සමූහාණ්ඩුව විසින් හඳුනාගෙන ඇත. රුසියානු රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් 2003 සිට 2018 දක්වා කාලය තුළ මත්පැන් පානය හා මරණ අනුපාතය අඩු වී ඇති අතර මරණයට හේතු වූ වැදගත්ම වෙනස්කම් සිදුවී ඇත්තේ මත්පැන් නිසා බව පැහැදිලිව ඔප්පු වී ඇත.
2018 දී රුසියාවේ ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 68 ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 78 ක් වී ඇත. වෙළඳ දැන්වීම් සීමා කිරීම, මත්පැන් සඳහා බදු වැඩි කිරීම සහ ඇතැම් ස්ථානවල මත්පැන් අලෙවිය තහනම් කිරීම
යන උපායමාර්ගික වශයෙන් වැදගත් ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙල මේ සදහා මහත් පිටුවහලක් වී ඇත.
අතීතයේ දී, 1997 දී මොස්කව්හි වීදි කඩවල මත්පැන් බහුලව අලෙවි වී ඇති අතර වර්තමානය වන විට මෙම සීමාවන් හේතුවෙන් රුසියාවේ වඩාත්ම කැපී පෙනෙන ලෙස වෙනස්වී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
පසුගිය කාල වලදී වීථි වල පවා මත්පැන් පානය කිරීමට හැකියාව තිබී ඇති අතර අද වන විට පනවා ඇති නීති රීති සහ පොලීසිය විසින් අය කරන දඩ මුදල්ද මත්පැන් පාලනය සදහා හේතු වී ඇත. පනවා අති මෙම මත් පැන් සීමාවන් සමග රුසියාවේ හෝ ජනතාව මේ වන විට නිරෝගී දිවි පෙවතක් ගත කරන බවත් වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයද ආදර්ශයක් කර ගනිමින් සිටින බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
BBC News
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...