දේශීය පුවත්

හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලංකා කමිකරු කොංග‍්‍රසය හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවිමට තිරණය කර තිබේ.

ඊයේ (10.02)පැවති පළාත් පාලන මැතිවරණයෙන් කොටිඨාශ හතකින් මන්ත්‍රීවරු හත්දෙනෙකු තේරි පත්වි ඇත.

ලංකා කමිකරු කොංග‍්‍රසය මන්ත්‍රී ධුර දෙකක් දිනා ඇති අතර ඔහුන් ලබා ගත් ජන්ද ප‍්‍රතිශතය අනුව බෝනස් මන්ත්‍රී ධුර හතරක් ලැබි තිබෙනවා.

හැටන් දික්ඔය නගර සභාවට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනෙන් තරග කළ අපේක්‍ෂකයන් කිසිවෙක් ජයග‍්‍රහනය නොකළත් ඔහුන් ලබා ගත් ජන්ද ප‍්‍රතිශතය අනුව එම පක්ෂයට බෝනස් මන්ත්‍රිධුර දෙකක් ලැබි ඇත.

මේ අනුව හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂක හා ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහා ලේකමි හා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගමි තොන්ඩමන් අතර හැටන් දික්ඔය නගර සභාවේ හා නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය පක්ෂ දෙකට එක්වි පිහිටුවිමට එකග වි තිබෙනවා.

මේ අනුව හැටන් දික්ඔය නගර සභාවෙත් නුවරඑළිය ප‍්‍රාදේශිය සභාවෙත් පාලන බලය ලංකා කමිකරු කොංග‍්‍රසය හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්වි පාලන බලය පිහිටුවිමට තිරණය කර ඇති බවයි ලංකා කමිකරු කොංග‍්‍රසයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.

ෙමි අනුව එම නගර සභාවේ හා ප‍්‍රාදේශිය සභාවේ සභාපති ධුරය ලංකා කමිකරු කොංග‍්‍රසයටත් උප සභාපති ධුරය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණටත් ලබා දිමට දෙපාර්ශවයම එකගතාවයකට පැමිණ තිබෙනවා.

රංජිත් රාජපක්ෂ – හැටන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More