ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බලකර සිටියි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (11 )පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ආණ්ඩුවට එරෙහිව රට තුළ ප්‍රභල ජනමතයක් ගොඩනැගී තිබෙන බව 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බවත්, එම නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගත යුතු බව ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් කියා සිටියේය.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්වායවස්ථාව බාධාවක් වනවානම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙන ඒමට හෝ ව්‍යවස්ථා ශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බවද ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
2017 අගෝස්තු 15 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 159 දෙනෙකු සිටි අගමැති දිමු ජයරත්න මහතා ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 දෙනෙකු සිටි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ බවද මෙහිදී සිහිපත් කෙරිණි.
ඒ ආකාරයෙන් ඩීල් දමා ගනිමින් අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යතාවයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වී සිටියහ.
හඩ පට පහතින් –
පා.ම ඩලස් අලහප්පෙරුම
Online recording software >>
පා.ම දිනේශ් ගුණවර්ධන
Record audio or upload mp3 >>
පා.ම විමල් වීරවංශ
Record audio or upload mp3 >>
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...