පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය සිකුරාදා එක්සත් ජාතීන්ගේ 74 වැනි සැසිවාරයේදී විනාඩි 50 ක් තිස්සේ සිදුකළ වේගවත් කතාව පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත. මෙය ඔහු එක්සත් ජාතීන්ගේ සමුළුවක කළ පළමු කතාවයි. සාමාන්‍යයෙන් රටක නායකයකුට එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සඳහා ලබාදෙන උපරිම කාලය විනාඩි 35 කි. නමුත් ඉම්රාන් විනාඩි 50 ක් කතා කළේය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක දිගුම කතාව කර ඇත්තේ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි. විනාඩි 269 ක් දිගු වූ එම කතාව සිදු කළ දිනය 1960 සැප්තැම්බර් 26 වැනිදාය. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමෙන් පැයකට පමණ පසුව වේදිකාවට පිවිසි ඉම්රාන් අල්ලපු රටේ හින්දු අගමැතිවරයා කතා නොකළ ප්රශ්නය ලෝකය හමුවේ තැබුවේය. ඒ කාශ්මීර ජනතාවගේ පීඩාව පිළිබඳවය. කාශ්මීරය යකඩ හස්තයකින් පාලනය කිරීම පිළිබඳවය. ඉන්දියානු අගමැතිවරයා කාශ්මීරය ගැන කිසිම කරුණක් තම දේශනයට ඇතුළු නොකළේ එය ඉන්දියාවට අවාසිසහගත නිසාය. මෝදිගේ අණින් පසුගිය අගෝස්තු 05 වැනිදා කාශ්මීරයේ ස්වයං පාලන බලතල අහෝසි කරන ලදී. එදා සිට මේ දක්වාම එම ප්‍රාන්තයේ දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත්කර ඇත. කාශ්මීර වැසියන් නිවෙස් තුළම සිරකර තබන්නේ ඇඳිරි නීතිය හරහාය. 370 වගන්තිය ඉවත්කිරීම ගැන ලෝකය හමුවේ තබන්නට ඉන්දීය අගමැතිට නොහැකිය. නමුත් ඔහු මේ කතාවේදී බුදුන් වහන්සේ ගැන මතක් කර ලෝක සාමය ගැන පැවසුවේය. ගාන්ධි මෙන්ම දෙමළ කවියකු වන කාරියන් පුන්ගුන්දාර් ගැන සිහිකරමින් සාමයේ අගය පැහැදිලි කළේය. නමුත් අසල්වැසි පකිස්තානය ගැන කිසිවක් පැවසුවේ නැත. කතා කළේ ලෝක කාලගුණ වෙනස, දුප්පත්කම, ඉන්දියාව ජයග්‍රහණ පිළිබඳවය. එසේම වැසිකිළි ගැනත් කතා කළේය. ඉන්දියාව ලෝකයට දුන්නේ සාමය පමණයි. යුද්ධය නොවේ යැයි කියා අසල්වැසියාට සරදමක් ද එල්ල කළේය. ඇත්තෙන්ම මෝදිගේ කතාව විනාඩි 16 කට පමණක් සීමා විය.
එහෙත් පකිස්තාන අගමැතිවරයාගේ වේගවත් කතාව පවත්වද්දී සමහර රටවල නියෝජිතයන් විශේෂයෙන්ම මුස්ලිම් රටවල තානාපතිවරු අත්පුඩි තලන්නට වූහ. ලක්ෂ නවයක හමුදාවක් කාශ්මීරයට ඇවිල්ලා කරන්න හදන්නේ කුමක්ද? සංවර්ධනය වේගවත් කරන්නද? යනුවෙන් ඉම්රාන් ප්‍රශ්න කරන විට සමහර නියෝජිතයෝ අත්පුඩි ගසන්නට විය. ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.
pakis2”900,000 ක හමුදාවක් ඇවිත් සිටිනවා. ඔවුන් ඇවිත් ඉන්නේ අගමැති මෝදි කියන ආකාරයෙන් කාශ්මීරයේ සමෘද්ධිය උදා කරන්නට නොවෙයි. රටවල් දෙකක් අතර සාම්ප්‍රදායික යුද්ධයක් හට ගත්විට ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාව තිබෙනවා. එහෙත් තම අසල්වැසියාට වඩා හත් ගුණයක් කුඩා රටක් සටනට පොළඹවා ගත් විට ඔවුන් එක්කෝ යටත් විය යුතුය. නැතිනම් මියෙන තෙක් නිදහස වෙනුවෙන් සටන් කළ යුතුයි.
අපි කුමක් කරමුද? මා මෙම ප්රශ්නය මගෙන්ම අසා ගන්නවා.
අපි සටන් කරමු…න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටක් අවසානය දක්වා සටන් වදින විට ඒ නිසා ඇතිවන ප්‍රතිඵල කොහෙන් නවතී ද කියලා කියන්න පුළුවන්ද? මම විශේෂයෙන්ම ආවේ මේ ප්රශ්නය ගැන කතා කරන්න. කියුබානු අර්බුදයට පස්සේ න්‍යෂ්ටික අවි ඇති රටවල් දෙකක් මුහුණට මුහුණ ඇවිල්ල තියනවා. ඇත්තටම කාශ්මීරය ලේ විලක් වෙන්න පුළුවන්.”
අගමැති ඉම්රාන්ගේ දේශනය ඉන්දියාව කලබලයට පත්කළ බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ගෞතම් ගාම්බීර් ප්‍රකාශ කර තිබුණේ කාශ්මීරය ලේ විලක් වනවා යැයි සඳහන් කිරීම ත්‍රස්තවාදය ප්රහර්ෂයට ලක්කරවන සාම විරෝධී කතාවක් බවයි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා ලෝක කුසලානය දිනු පකිස්තාන ක්‍රිකට් නායකයා දැඩිව විවේචනය කිරීමට උපයෝගී කරගන්නේ සිය ට්විටර් ගිණුමයි. කෙසේ නමුත් පකිස්තාන අගමැතිවරයාගේ කතාවෙන් ප්රහර්ෂයට පත්වූ කාශ්මීර වැසියන් වීදි බැසීම නවත්වනු පිණිස ඉන්දීය හමුදාව යළිත් දැඩි නීති පනවා ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ප්‍රකාශ කර සිටියේ කුමක්ද? ඉන්දියාව කාශ්මීරය ආක්‍රමණය කර ඇති බවයි. මේ ප්‍රකාශය නිසා උරණ වූ ඉන්දියානුවෝ සමාජ මාධ්‍ය ජලා හරහා මැලේසියානු භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි පවසමින් විරෝධතාවක් ආරම්භ කර ඇත. ඉන්දීය විදේශ අමත්‍යාංශය ඉම්රාන් ඛාන්ට පිළිතුරු දෙන්නට යොදාගත්තේ ඔවුන්ගේ ප්රමුඛ රාජතාන්ත්රිකයකු නම් නොවේ. විදේශ අමාත්‍යාංශයේ පළමු ලේකම් වූ විදිෂා මයිත්‍රා මහත්මියයි. ඇය ප්‍රකාශ කර සිටියේ ඉම්රාන් ඛාන්ගේ දේශනය මාධ්‍ය කාලීන මතවාදයක සිටිමින් පැවැත්වූ වෛරී කතාවක් බවයි. ”අගමැතිවරයා ත්‍රස්තවාදය අගය කළා. ඔහුගේ න්‍යෂ්ටික තර්ජනයෙන් මොකක්ද කියන්නේ. ඒක රාජතාන්ත්‍රික ප්‍රකාශයක්ද? ඔහුට පකිස්තානයේ කියන්නේ තලිබාන් ඛාන් කියලා” යනුවෙන් උපහාසයට ද ලක් කළාය. කවරක් වෙතත් කාශ්මීරය නිසා දකුණු ආසියාව පමණක් නොව කලාපයම අස්ථාවර වීම වැළක්විය නොහැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...