විදේශ පුවත්

න්‍යෂ්ටික බලවතුන් යැයි සැලකෙන ඉන්දියාව හා තම අසල්වැසි පාකිස්තානය අතර න්‍යෂ්ටික යුද්ධයක් හට ගතහොත් එමගින් මිය යා හැකි පුද්ගල සංඛ්‍යාව මිලියන 125 කට ආසන්න විය හැකි බවට පර්යේෂකයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

එමගින් ඇතිවිය හැකි අඳුරු වළා සූර්යයා වසාගැනීමත් සමඟ සමස්ත ලොවම දශකයකට ආසන්න සාගින්නකට කොටු වනු ඇති බවට ද ඔවුන් අනාවරණය කර ගෙන ඇත.

වර්ධනය වන න්‍යෂ්ටික අවි ගබඩාවලින් සමන්විත අසල්වැසි රාජ්‍යයන් එයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් භාවිත කර එකිනෙකා හට පහර එල්ල කර ගතහොත්, පිපිරුම් මඟින් මිලියන ගණනක් ක්ෂණිකව මිය යනු ඇති බවටත්, පසුව අග්නිකුණාටු (firestorms) නගර පුරා හඹා යනු ඇති බවටත් එම වාර්තාව මගින් හෙළිවී තිබේ. ගින්නෙන් විශාල දුමාරයක් වායුගෝලයට මුදාහැරෙන අතර, එමඟින් හිරු එළිය අවහිර කිරීම හා උෂ්ණත්වය අඩු කිරීම නිසා කෘෂිකර්මාන්තය අඩපණ වනු ඇත.

කාශ්මීරයට එරෙහි එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර ආතතිය උත්සන්න වීම නිසා න්‍යෂ්ටික බලවත් රාජ්‍ය දෙක අතර මෙසේ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ අවදානම ඉහළ බව පැවසේ. මේ වන විට මතභේදාත්මක හිමාලයානු භූමිය සම්බන්ධයෙන් දෙරට අතර සන්නද්ධ අරගල 2ක් සිදුව ඇති අතර, පසුගිය පෙබරවාරි මස ගුවන් ගැටුම් ඇති කර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More