රුපියල් බිලියන 21.4 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
මේ සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝම්බර් 23 සහ 24 යන දෙදින තුල පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බව කථානායක කරූ ජයසූරිය මහතා සභාවට ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාල පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ගෙන්වන ආරක්ෂක වාහන දෙකට සුඛෝපභෝගී බද්ද වෙනුවෙන් රුපියල් කෝටි 10.1ක් වෙන් කර තිබේ.
මියගිය සහ තුවාල ලැබු සොල්දාදුවන් වෙනුවෙන් වන්දි ගෙවීමට රුපියල් කෝටි 20.9 (209,610,000)ක් , විදුලි බල අමාත්‍යවරයාගේ උපදේශකයින්ට දීමනා ගෙවීමට
රුපියල් ලක්ෂ 14ක් , විදුලි බල මණ්ඩලයේ යෝජිත කාර්යාලයක් සදහා බදුකුලී ගෙවීමට රුපියල් කෝටි 20 (200,000,000 )ක් මෙන්ම තවත් මුදල් ප්‍රතිපාදන රැසක් පරිපූරක ඇස්තමේන්තුවේ සදහන්.
මීට අමතරව මැතිවරණයක් ආසන්නයේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන ලෙස හරිත සමාජ නමින් මුදල් වෙන්කිරීමක් මෙම පරිපූරක ඇස්තමේන්තුවේ ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...