පළාත් පාළන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දැඩි දේශපාලන තීන්දුවක් ගන්නාබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ.
ජනාධිපති නිලනිවසේදී අද (11) දින දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාහ කළ බව ශ්‍රී පංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයේ ජනමතය සැලකිල්ලට ගෙන ක්‍රියා කළ යුතු බවත් ආණ්ඩුවේ ප්‍රබල තනතුරු වෙනසකට ලක්කරමින් කැබිනට් මණ්ඩලයද වෙනස් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බවද එම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නවකැබිනට් මණ්ඩලය සකස් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයද සම්බන්ධ කරගන්නවාද කියා තවම තීරණයක් ගෙන නොමැති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...