විදේශ පුවත්

එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබලදීම හා එම සංවිධානයට පුද්ගලයින් බඳවා ගැනිම සම්බන්ධයෙන් චෝදනා ලැබු සැකකරුවන් 07 දෙනෙකු මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා පැවසුවේ අද (10) පෙරවරු 9 සිය දහවල් 2.00 දක්වා කාල සීමාව තුලදි ක්වාලාලම්පූර්, සෙලන්ගෝර්, නෙග්‍රි සෙම්බිලාන්, පෙරක්, කෙඩා සහ මෙලාකා යන නගරවල සිදුකළ මෙහෙයුම් මාලාවකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිය බුද්ධි අංශ නිලධාරින් අධික්ෂණය කරමින් සිටි බවයි මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා සදහන් කර සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගනු සැකකරුවන් අතර මැලේසියාවේ ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙක් ද සිටින බවයි එරට පොලිසිය පැවසුවේ.

මෙම දේශපාලඥයින් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් මස 28 වෙනිදා මැලේසියාවේදි පැවති එල්.ටි.ටි.ඊ. සැමරුම් උත්සවයකට ද සහභාගිවි ඇති බවයි එරට ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා සදහන් කලේ.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මතවාදය ප්‍රචාරය කිරිමේ චෝදනාවට එම ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින තෙවන හා සිව්වන සැකකරුවන් දෙදෙනා 2016 වසරේදී මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයාට එරට ගුවන් තොටුපලේදී පහර දුන් පුද්ගලයා හා එය සැලසුම්කරන ලද අය බවට හෙලිවි ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා සතුව තිබි එල්.ටි.ටි.ඊ. සංවිධානය ගැන ප්‍රචාරණය කිරිම හා ඊට අදාල භාණ්ඩ සමග සොයා ගෙන ඇත.

ඊට අමතරව තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරියෙක් හා ආපනශාලා හිමියෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

2009 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුලදි මැලේසියාව තුලදි එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු එරට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි ප්‍රධානියා සදහන් කර සිටියේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More