විදේශ පුවත්

තුර්කියෙන් සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් මහතා පවසයි.

ඇමරිකානු හා තුර්කි ජනාධිපතිවරුන්ට තමා දුරකථනයෙන් කථාකර මේ බව දැනුම්දුන් බවද දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එමගින් මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

“මෙම ප්‍රහාර නැවැත්විය යුතු බව අපේ පොදු අපේක්ෂාවයි. මෙවැනි ආක්‍රමණ හේතුවෙන් මානවවාදී ගැටලු නිර්මාණය වීම වැළැක්විය නොහැකියි. එමෙන්ම අයිඑස් සංවිධානය කලාපයේ නැවත මතුවීමටත් උපකාරයක් වෙනවා,” යැයි ප්‍රංශ ජනපතිවරයා අවධාරණය කර ඇත.

ප්‍රංශයේ එලිසි මන්දිරයේදී ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළකර ඇති අතර එම අවස්ථාවට ජර්මන් කුලපති ඇන්ජෙලා මාර්කල් මහත්මිය ද හංගේරියානු අගමැති වික්ටර් ඕබන් මහතා ද සහභාගී වී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More