විදේශ පුවත්

උතුරුදිග සිරියාව තුළ වහාම සටන් විරාමයක් කැඳවන ලෙස එක්සත් ජනපදය කළ ඉල්ලීම තුර්කි ජනපති රිසෙප් එර්ඩෝගන් ප්‍රත්ක්ෂේප කර තිබේ.

එක්සත් ජනපද උප ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබියදී තුර්කි නායකයා මෙම අදහස් මතු කිරීමද විශේෂත්වයකි. තුර්කියේ ප්‍රධාන මිතුරා වූ එක්සත් ජනපදය උතුරුදිග සිරියාවෙන් ඉවත්වීමත් සමග තුර්කිය විසින් කුර්දි හමුදා පලවා හැරීම සඳහා මෙහෙයුම් ආරම්භ කළේය.

මේ අතර, සිරියාවට සහාය දක්වන රුසියාව කියා සිටියේ තුර්කි සහ සිරියානු හමුදා අතර ගැටුම් වැළැක්වීම සඳහා ඔවුන්ද මැදිහත් වූ බවයි. තුර්කිය කුර්දි නායකත්වයෙන් යුතු සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන අතර, එක්සත් ජනපද හමුදා තුර්කියෙන් ඉවත්වීම තුර්කියට කොළ එළියක් ලබාදුන් බවට ට්‍රම්ප් පරිපාලකයෝ විරෝධය දක්වති.

දැනට තුර්කියේ සිටින සිරියානු සරණාගතයන් මිලියන 2ක් පමණ නැවත පදිංචි කරවීම සඳහා සිරියාව දෙසට කිලෝමීටර් 30ක් දක්වා ‘ආරක්ෂිත කලාපයක්’ නිර්මාණය කිරීම තම අරමුණ බව තුර්කිය බලධාරීහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More