මේ මැතිවරණ ප්‍රතිඵලය නිකම්ම නිකම් ප්‍රතිඵලයක් නෙමෙයි. මෙය හුදේ ජය පරාජය පිළිබද ප්‍රශ්නයක්ද නෙමෙයි. මෙතැන සිදුව තිබෙන්නේ නිහඩ විප්ලවයක්. නිහඩ විප්ලවය යන යෙදුම මුලින්ම භාවිත වූයේ 1956 යූ. එන්. පී. ආණ්ඩු විරෝධයට. මීළගට 1970 දී මෙවැනි විප්ලවයක් සිදුවුණා. එය දෙවැනි නිහඩ විප්ලවය ලෙස හැදින්වුණා.
මේ අනුව නිහඩ විප්ලවයන් දෙකක් ලැන තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කතා වුණේ. නමුත් දැන් මේ සිදුවෙලා තිබෙන්නේ තුන්වැනි නිහඩවිප්ලවයයි. ආණ්ඩු මාරු වීමක් සිදු නොවුණත් මෙය පහළ මට්ටමින් සිදු වූ නිහඩ විප්ලවයක්. ඡන්ද ප්‍රතිඵල අනුව අපට පෙනී යන්නේ 56 හෝ 70 දී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණය් මහින්ද රාජපක්ෂ ප්‍රමුක පිල ලබාගෙන ඇති බවයි.
මේ ප්‍රතිඵලයේ අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ දිවිත්ව තත්ත්වයක් ඇතිවීම. දේශපාලන විද්‍යාවේ තිබෙන මෙම යෙදුමආරම්භ වෙන්නේ 1917 වර්ෂයේ රුසියානු විප්ලවයත් සමග. අද ලංකාවේත් උද්ගත වන්නේ මේ ද්විත්ව බල තත්ත්වයයි. පාර්ලිමේන්තුවේ එක තත්ත්වයක් තිබෙනවා. එය මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් මැනවින් පිළිබිඹු වෙන දෙයක්.
මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයේ සුවිශේෂම දෙය වන්නේ ආණ්ඩු බලයේ නොමැතිව ආණ්ඩු ප්සයේ සිටින සුවිශේෂ පක්ෂ දෙකක් පරාජය කරමින් තමන්ට හිමිවීමට තිබූ විපක්ෂ නායකකමත් නැතිව ලබපු ජයග්‍රහණයක් වීම. ඡන්ද ප්‍රතිඵල අනුව ගත්තහම මහින්ද රාජපක්ෂයේ 2005 හා 2010 ඡන්ද ප්‍රතිඵලවලට මේ ප්‍රතිඵලය නෑම් කියනවා.
මේ අලුත් දේශපාලන ව්‍යාපාරයකට නායත්වය දෙමින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. 56 පෙරළියේ පතාක යෝධයෝ ත්‍රන්දෙනාගෙන් දෙදෙනෙකුගේ පුත්තු දෙන්නෙක් තමයි අද විපක්ෂයට නායකත්වය දෙන්නේ. ඩී. ඒ. රාජපක්ෂ මහත්තයාගේ පුතා මහින්ද රාජපක්ෂ හා පිලිප් ගුණවර්ධන මහතාගේ පුතා වන දිනේෂ් ගුණවර්ධන යන අය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...