විදේශ පුවත්

චීනයේ අගනුවර වන බීජිං සහ මූල්‍ය මධ්‍යස්ථානය වන ෂැංහයි 2019 වසරේදී ලොව හොඳම ධනවත්ම නගර දහය අතරට පැමිණ ඇත. සමීක්ෂණ කටයුතුවල නිරත සමාගමක් වන නිව් වර්ල්ඩ් වෙල්ත් සිදුකරන ලද වාර්තාවක මෙය දැක්වේ.ඩොලර් ට්‍රිලියන 2.1 ක මුළු ධනය සමඟ බීජිං එම ලැයිස්තුවේ පස්වන ස්ථානයත්, ෂැංහයි හයවන ස්ථානයත් ලබා ගෙන තිබෙන අතර,එහි මුළු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.9 ක් බව වාර්තා වේ.

පසුගිය වර්ෂයේ මෙන්ම මේ වර්ෂයේදීත් චීනයේ හොංකොං මෙම ලැයිස්තුවේ අටවන ස්ථානයේ පසුවේ. නිව්යෝර්ක් නගරය ඩොලර් ට්‍රිලියන 3ක් මෙන්ම බිලියනපතියන් 65 ක් සහ කෝටිපතියන් 380,000 කට අධික සංඛ්‍යාවක් සමඟ පළමු තැන හිමි කරගෙන සිටී.”චීනයේ අධි තාක්‍ෂණික අගනුවර” ලෙස නම් කර ඇති ෂෙන්ෂෙන් ලැයිස්තුවේ විසිවන ස්ථානය හිමිකරගෙන ඇත.දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ පිහිටා ඇති එහි මුළු ධනය ඩොලර් බිලියන 750 ක් ලෙස වාර්තා වේ.

ඩොලර් ට්‍රිලියන 2.5 ක ධනය සමඟ ටෝකියෝව දෙවන ස්ථානයට පත්ව ඇති අතර,සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා සහ ලන්ඩන් යන නගර දෙක ඩොලර් ට්‍රිලියන 2.4 ක් බැගින් වූ මුළු ධනයකට හිමිකම් කියමින් තෙවන ස්ථානයට පත්ව ඇත.වාර්තාවේ සඳහන් “මුළු ධනය” යන්න ගණනය කිරීමේදී තනි පුද්ගලයන් සතු දේපල, මුදල්,කොටස් සහ ව්‍යාපාරික ආදායම් ආදිය ඇතුලත් කර තිබේ. එමෙන්ම 2019 වසරේ ජුනි මාසය සඳහා වූ රජයේ අරමුදල් මෙම ගණනය කිරීමෙන් බැහැර කර ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More