එළඹෙන 2020 වර්ෂයේදී G-7 සමුළුව ඇමරිකාවේ Florida නුවර ”Trump National Doral” හෝටලයේදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිර වැඩබලන මාණ්ඩලික ප්‍රධානී මික් මුල්වේනි මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය.
නමුත් මේ වනවිට ඩිමෝක්‍රටික් පක්ක්‍ෂයේ ක්‍රියාකාරීන් ඉහත කී හෝටලය G-7 සමුළුව සඳහා තෝරා ගැනීමට එරෙහිව දැඩි විවේචන එල්ල කරති. එයට හේතුව වන්නේ 1960 දී ආරම්භ කළ” Doral resort” හෝටලය 2012 වර්ෂය වන විට බරපතල මූල්‍ය කඩාවැටීමකට ලක් වන අතර හෝටලය බුන්වත් වනවිට ඩොලර් මිලියන 150ක් ණය වී තිබුණු නමුත් එවකට බිලියනපතියෙකු වූ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2016 වර්ෂයේ දී ඩොලර් මිලියන 250 ක ආයෝජනයෙන් හෝටලය නැවත නඟා සිටුවන ලද්දේ ”Trump National Doral” නමින් වීම නිසාය.
ඩිමෝක්‍රටික් පාක්ෂිකයන්ගේ විවේචනයට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු රජය නීතියෙන් තහනම් කර ඇති, ”තනතුර භාවිතා කර අයුතු ලාභ ප්‍රයෝජන ගැනීම නොගත යුතුය යන නීතිය” බරපතල ලෙස උල්ලංඝනය කරයි. එහෙත් එයට පිළිතුරු දෙමින් වැඩබලන මාණ්ඩලික ප්‍රධානියා පවසා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙමගින් ලාභ ලැබීමේ අපේක්ෂාවක් නොමැති බවයි..
කෙසේ වුවද මෙම සමුළුවට රුසියානු ජනාධිපති ම්ලැඩ්මීර් පුටින් මහතාට ආරාධනා කිරීමට අපේක්ෂිත බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...