මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට
රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙත මෙලෙෂ කඩා වැටී ඇතැයි පැවසෙයි. යානය කඩා වැටුණු ස්ථානයේ විසිරී තිබුණු සුන්බුන්ද විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කෙරිණි.
මොස්කව් නුවර සිට ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් සේවයක් වන සරාටොව් එයාර්ලයින්ස් නම් ගුවන් සේවයට අයත් මෙම යානය ඇන්ටනොව් 148 මාදිලියේ යානයක් ලෙෂ හදුනාගෙන ඇත. යානය ඔර්ස්ක් නගරයේ සිට උරල්ස් නගරය දක්වා පියාසර කරමින් තිබියදී මෙලෙෂ කඩාවැටීමට ලක්ව තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේදී මගීන් 65 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු එහි සිට ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...