විදේශ පුවත්

කුර්දි ජාතිකයින්ට එරෙහිව තහනම් රසායනික අවි භාවිතා කිරීම හේතුවෙන් සිරියාවේ වෙසෙන කුර්දි ජාතික කුඩා ළමුන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රාස් අල්-අයින් නගරයේ සිදුවූ මෙම ප්‍රහාරවලින් පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දරුවන් කිහිප දෙනෙකු ඊට ආසන්නයේ පිහිටි රෝහලට ඇතුළත් කරන ලදී.

උඩුකය කොටස දරුණු ලෙස පිළිස්සීමකට ලක්වූ එක් දරුවකු කෑගැසුවේ ‘පිච්චෙනවා නවත්වන්න … මම ඔබෙන් අයදිනවා‘ යනුවෙනි. තවත් එක් දරුවකුගේ මුහුණ ගැඹුරු ලෙසින් පිළිස්සීමකටද ලක්වී ඇත. පසුව වෛද්‍යවරුන් ඔහුට මෝෆීන් නැමැති ඖෂධය දී ඇති අතර මෙම දරුවා ප්‍රතිකාර ලැබීමට පෙර පැය 12 ක් පමණ වේදනාවෙන් සිට ඇති බව කියැවේ.

කුර්දි මාධ්‍ය ඒකකයක් විසින් නිකුත් කරන ලද වීඩියෝවක පිළිස්සුම් තුවාල ලද ළමයින්ගේ දර්ශන ඇතුළත් වී තිබේ.

බි්‍රතාන්‍ය ජාතික රසායන විද්‍යාඥයකු වන හමීෂ් ඩි’බ්‍රෙටන් ගෝර්ඞ්න් මහතා පවසන්නේ මෙම පිළිස්සුම් තුවාල සුදු පොස්පරස් යොදාගැනීමෙන් ඇතිවූ ඒවා බවයි. ‘සුදු පොස්පරස්’ තහනම් රසායනිකයකි. එය සමට ඇලෙන අතර සමේ ඇති ජලය ඉවත්කරමින් ගැඹුරු පිළිස්සුම් තුවාල ඇතිකරයි. සමට ඇළුණු පසුව ඉවත් කිරීමද කළ නොහැක්කකි.

මේ අතර සටන් ඇවිලෙන සීමාවේ ‘නාපාම්’ නැමැති රසායනික අවි භාවිතා කරන බවටද චෝදනා එල්ල වෙයි. මෙම නාපාම් අවි වියට්නාම් යුද්ධයේදී බහුල ලෙස භාවිතා කෙරිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More