පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා විසින් මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනු ලැබිය. එහිදී පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියේය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවද සී.වී. විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...