පසුගිය දා වොෂින්ටන් පාලනය, දකුණු කොරියාවේ රඳවා තිබෙන භට පිරිස් සඳහා වන වියදම් පියවීමට සියෝල් ආන්ඩුව කටයුතු කළයුතු යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් දකුණු කොරියානු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්රචන්ඩ ලෙස හැසීරීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව දකුනු කොරියාවේ අමෙරිකානු තානාපති හැරී හැරිස් මහතාගේ නිළ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ දකුනු කොරියානු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ” හැරිස් අපේ භූමියෙන් පිටවෙනු!” ලෙස ලියූ යෝධ බැනරයක් ප්‍රදර්ශනය කරනු ලැබීය.
මේ හේතුවෙන් වොෂින්ටන් පාලනය සියෝල් පාලනයට තම කනස්සල්ල ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය වර්ෂයේ ජපානයේ ඔකිනාවා දූපත් වලද මෙවැනිම ආකාරයේ අමෙරිකානු විරෝධී උද්ඝෝශකයන් පිරිසක් අමෙරිකාවට බල කර සිටියේ ජපාන භූමියෙන් වහා පිටවෙන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...