කොටි සංවිධානය යළි පණගන්වා ලොව පුරා ව්‍යාප්ත කිරීමට සකස් කළ රහසිගත සැලසුමක් මැලේසියානු ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අනාවරණය කරගෙන ඇත.
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කොටි හිතවාදීන් 12 දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිවී තිබේ.
මෙම සැලසුමට අනුව අවි ආයුධ මිලයට ගැනීම, කොටි ක‍්‍රියාකාරීන් ඒකරාශි කිරීම යන කරුණුද ඇතුළත් වේ.
කොටි හිතවාදීන්ගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ සැලසුමේ රහස් තොරතුරු අනාවරණය වී ඇත.
එම සැලසුම මත ප‍්‍රහාර එල්ල කිරීමටද සැලසුම් කර ඇති අතර එම ප‍්‍රහාර එල්ල වන රටවල් පිළිබඳ තොරතුරු සඳහන් කර නැත. මෙම රහස් සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් එකතුකර ඇති මුදල ඩොලර් මිලියන ගණනක් බවත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.
කොටි සංවිධානයට පණදීම නමැති සැලසුම සඳහා මැලේසියාවේ සිටින කොටි හිතවාදී මන්තී‍්‍රවරු දෙදෙනකු සහ තමිල්නාඩුවේ නාම් තමිලර් පක්‍ෂ නායක සීමන් නමැත්තාද සම්බන්ධ වී ඇත. මේ සැලසුම සකස් කිරීම සඳහා ඔහු පසුගිය කාලය තුළ පස් වතාවක්ම මැලේසියාවට පැමිණ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...